ශිරාණිගේ නඩුව යළිත් කල් යයි


හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව පවරා ඇති නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද යළිත් කල් තැබීය.

අල්ලස් කොමිසම විසින් පැවැරුණු මේ නඩුවෙන් ඇයට චෝදනා කර ඇත්තේ වත්කම් හෙළි නොකළ බවටයි.

ඇගේ බැංකු ගිණුම්වල පරිගණක ලොග් හා ප්‍රකාශන ලොග් සටහන් පිටපත් දීමට නොහැකි බව ජාතික සංවර්ධන බැංකුව අධිකරණයට කියා සිටියේය.

එම සටහන් නිකුත් කරන ලෙස උසාවියෙන් ද නියම කර ඇත.

ඇගේ නීතීඥවරුන් කියා සිටියේ උසාවි නියෝගය නොසළකා බැංකුව ක්‍රියා කරන බවයි.

ඒ ගැන තීරණයක් දීම සඳහා නඩුව ලබන ජූනි හය වැනි දා තෙක් කල් තැබිණි.