ශිරාණි යළිත් අලුත්කඩේට එයි


43 වැනි අගවිනිසුරුවරිය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය මීට ටික වේලාවකට පෙර අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ අගවිනිසුරු නිල කුටිය අසලින් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී කාර්යාලයයට ගියාය.

නීතීඥ සංගමයේ සභාපතී නීතීඥ උපුල් ජයසූරිය මහතා අතට අත දී ඇය පිළි ගත්තාය.

එතැන වටවී සිටි නීතීඥවරු ඇයට මල් මාලා පැළැඳවූහ.

ශිරාණි බණ්ඩාරනායක 43 වැනි අගවිනිසුරුවරිය ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණියේ වසර දෙකකට පසුය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ එම් ඒ සුමන්තිරන් , ජ්‍යෙෂ්ඨ නීතීඥ ජේ සී වැලිඅමුණ මහත්වරු ඇතුළු නීතීඥවරු රැසක් ඇය පිළිගැනීමට පැමිණ සිටියහ.

අග විනිසුරු මොහොන් පීරිස් මහතා පැමිණ සිටියේ නැත ඔහු අද මහනුවර ගොස් සිටියේය.

 

IMG_20150128_125549 IMG_20150128_125831 IMG_20150128_125915

IMG_20150128_124957

ඡායාරූප - තිළිණි ද සිල්වා