ශිරාණි යළි පත් කිරීම ගැන කැනඩාව සතුටුයි


හිටපු අග විනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක යළි එම තනතුරට පත් කිරීම ගැන කැනඩා රජය  සතුටු වන බව එරට විදේශ අමාත්‍ය ජෝන් බෙයර්ඩ් කියයි.

2013 වසරේදී ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධුරයෙන්  පහ කිරීම සම්බන්ධයෙන් තමා දැඩි ලෙස කනගාටුවට පත් වු බව එසේම එම ක්‍රියාව ලංකාවේ නීතීයේ ආධීපත්‍ය බිද වැටුණු අවස්ථාවන් බව ඔහු කියා සිටී.