ශිරාණි ගෙනා හැටි වැරදියි : මොහාන් යවන හැටිත් වැරදියි


අගවිනිසුරුවරයකු ඉවත් කළ හැකි එකම ආයතන පාර්ලිමේන්තුව බවත්, ඒ බලය වෙන කිසිවකුට ගත නොහැකි බව කතානායක විසින්  අර්ථ නිරූපනය කර ප්‍රකාශ කර ඇති බවත්, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු 150 ක් 2013 ජනවාරි 13 වැනි දා සම්මත කළ යෝජනාව අනුව ඉවත් කළ ඉවත් කළ අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක නැවත පත් කිරීම පාර්ලිමේන්තුව හෑල්ලු කිරීමක් බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී කීවේය.

අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කළ මෙම ප්‍රහාරය සෝචනීය අවස්ථාවක් ලෙස සැලකිය හැකි බව මන්ත්‍රීවරු පැවසූහ.

විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා පැවසුවේ අගවිනිසුරු ඉවත් කිරීමේ ක්‍රමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති බවයි. ඉන් බාහිර ක්‍රම යොදා ඔහු ඉවත් කිරීම යහපාලනය දැයි ඔහු ප්‍රශ්න කළේය.