(නිමන්ති රණසිංහ)
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂකවරයා ව සිටී දිනේශ් ශාෆ්ටර් මහතාගේ මරණය, සියදිවි හානිකර ගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලයක් පත් කර ගැනීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ නාම ලේඛනයක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජිනද්‍රා ජයසූරිය මහත්මිය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට අද (17) නියෝග කළාය.
ඒ අනුව මෙම විශේෂඥ වෛද්‍ය මණ්ඩලය ජේෂ්ඨත්වය මත පදනම්ව ලං කර එවන ලෙසට ද මෙහිදී මහේස්ත්‍රාත්වරිය එම නියෝගයෙන් දැනුම් දී ඇත.

