ශානිකාගේ ‘මතක වැස්සේ’


20170119Shanika-1

රියලිටි තරුමාවතින් බොහෝ තරු බිහිවුණත්, අද වනවිට එවැනි තරු බොහෝ ප්‍රමාණයක් නිවී ගොස් ඇත්තේ ඔවුන්ගේම වරදින්ද යන කාරණාව ඔවුන්ටම භාරය. කෙසේ නමුත් රියලිටි තරුමාවතේ පැමිණ රසික හතවත් තුළ තවමත් ආදරය දිනා සිටින ගායිකාවක ලෙස ශානිකා මදුමාලිව හැඳින්විය හැකිය. ඇයගේ නවතම ගීතයක් මේ වනවිට ‘මතක වැස්සේ’ නමින් එළිදක්වා තිබේ. මෙම ගීතයට මේ වනවිට රසික ප්‍රතිචාර හිමිවෙමිත් තිබේ. මේ පිළිබඳව ‘New Release on Youtube’ ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට අපි සිතුවෙමු.

ප්‍රසංග වේදිකාව තුළ විශාල ඉල්ලුමක් තිබෙන ශානිකා මදුමාලි කාලයක් නිහඬව සිටි අතර, ඇය විසින් ගයන ‘හංගා සිතේ’ ගීතය බොහෝ දෙනා අතර ජනප්‍රියත්වයට පත්විය. එම ගීතයට ඇය සමගින් ගයාන් අරෝෂද දායක විය.

‘මතක වැස්සේ’ ගීතයද නව ආරක් ඇති ගීතයක් වන අතර, එය ආදරය පිළිබඳව කියැවෙන ගීතයකි. මීට අවුරුදු කිහිපයකට පෙර භාචි සුසාන් සමග ගැයූ ‘බඹර නාදේ’ ගීතයද ගායන ලොව තුළ පෙරළියක් ඇති කළ ගීතයකි. අද කොතෙකුත් ප්‍රේම ගීත සහ විරහ ගීත නිර්මාණය වුවත්, ඉන් රසිකයන්ට විඳිය හැකිවන්නේ අතලොස්සකි. මෙම ගීතයද ඒ අතර වෙයි.

එළිදැක්වූ දිනය - 2017 ජනවාරි 14

ගායනය - ශානිකා මදුමාලි

පදරචනය - සුලෝචන රාජපක්ෂ

සංගීතය - සුලෝචන රාජපක්ෂ