ශානි අබේසේකර වැලිකන්ද කොවිඞ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට



 (නිමල් ජයරත්න)
 
රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය විමෙන් අද (27) වැලිකන්ද කොවිඞ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුලත් කර ඇති බව එහි රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

මහර බන්ධනාගාරයේ රදවා සිටියදි ඔහුට කොවිඞ් වෛරසය වැලදි ඇති අතර ප්‍රතිකාර සදහා ඔහු මිට දින තුනකට පෙර වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුලත් කෙරිනි.

ඔහු විශේෂිත හමුදා ආරක්ෂාව හා බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ වැලිකන්ද කොවිඞ් 19 රෝහලට ඇතුලත් කර ඇති අතර මේ වන විටද එම රෝහලට දැඩි ආරක්ෂාව යොදා තිබේ.

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට එරෙහිව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරිම යටතේ ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබිණි.