ශානි අබේසේකර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරයට‍


ප්‍රසිද්ධ අපරාධ පරීක්ෂණ ගණනාවක් මෙහෙයවූ රහස් පොලිසියේ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරයට උසස් කර තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එම උසස්වීම ලබා දී ඇත්තේ 2016 අගෝස්තු 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදිය. අබේසේකර මහතාට භාෂා ප්‍රවීණත්වය සම්පූර්ණ කිරීම සඳහා 2018 දෙසැම්බර් 31 වැනිදා තෙක් කාලය ලබා දී තිබේ. 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂමන් ඝාතනය, ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය ආදී සිදුවීම්වල විමර්ශන කරන ලද්දේ අබේසේකර මහතාගේ මෙහෙයවීමෙනි.