ශාන්‍තට දුන් තනතුර අහෝසි කරන තුරු ජනපති සමඟ සාකච්ඡා නෑ


(ඩයනා උදයංගනී)

ශාන්ත බණ්ඩාර මහතාට ලබාදුන් රාජ්‍ය අමාත්‍යධූරය අහෝසි කරන තුරු ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවන්ට සහභාගී නොවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමක් තම කණ්ඩායමේ මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමේ උත්සාහයක යෙදී සිටින බව වීරවංශ මහතා සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 විසින් අද පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.