ශාන්ත පීතර විදුහලට තියුණු ජයක්


රග්බි විනිසුරුවරුන් තරග විනිශ්චයෙන් ඉවත්වීමෙන් සති තුනක් පැවැත්වීමට නොහැකි වූ වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ නවවැනි සහ අවසන් සතියේ තරග ආරම්භ කරමින් අද (21) පැවැති තරගයේදී බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක‍්‍රීඩකයෝ වෙස්ලි විදුහලට එරෙහිව ලකුණු 30-29 ක තියුණු ජයක් අත්කරගත්හ. මෙම තරගය කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැත්විණි.

ශාන්ත පීතර විදුහල් පිල ගෝල 2 ක්, උත්සාහක දිනුම් 2 ක් සහ දඩුවම් පහර 2 ක් බැගින් ලබාගත්හ. වෙස්ලි විදුහලට ගෝල 3 කින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය. 

තරගයේ පළමු අර්ධය අවසන් වන විට වෙස්ලි විදුහල ලකුණු 22-13 ක් ලෙස පෙරමුණේ පසු විය.