ශාන්ත පීතර විදුහලට කඩුලූ 6 ක පහසු ජයක්
කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී අද නිමාවූ 79 වැනි සාන්තුවරයන්ගේ හටනේදී ශාන්ත ජෝෂප් විද්‍යාලය පරදවා කඩුලූ 6 ක පහසු ජයක් ලබාගැනීමට ශාන්ත පීතර විද්‍යාලය සමත් විය. තරගයෙන් ජයගැනීම සඳහා ලකුණු 115 ක ඉලක්කයක් හඹා ගිය ශාන්ත පීතර පිතිකරුවෝ ඕවර 24.3 කදී ජයටැඹ පසුකර යාමට සමත් වූහ.
ශාන්ත ජෝෂප් විදුහල පළමු ඉනිම 141 සහ දෙවැනි ඉනිම 165 (පැතුම් මධුශංක 22, යසින් සමරසිංහ 26, සධීර සමරවික‍්‍රම 66, රනිත ලියනාරච්චි 43/3, ජූලියන් ද සිල්වා 50/5)
ශාන්ත පීතර විදුහල 192 සහ දෙවැනි ඉනිම 115 (ෂෙහාන් ප‍්‍රනාන්දු 14, ජනිත් ලියනගේ නොදැවී 68, ළහිරු මිලන්ත 22, සුපේෂල ජයතිලක 28/2)

