ශාන්ත පීතර විදුහලට 50-12 ක පහසු ජයක්


අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ රත්මලාන ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේදී අද (15) පැවැති තරගයේදී බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක‍්‍රීඩකයෝ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිව ලකුණු 50-12 ක පහසු ජයක් ලැබූහ.

ශාන්ත පීතර විදුහල් ලකුණු 50 ට ගෝල 6 ක්, උත්සාහක දිනුමක් සහ දඩුවම් පහරක් ඇතුළත් විය. ශාන්ත අන්තෝනි විදුහල ගෝලයකින් සහ උත්සාහක දිනුමකින් ලකුණු ලැබීය.