ශාන්ත පීතර විදුහල අවසන් තරගයට එයි


බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් පිල වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (08) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී ශාන්ත පීතර විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 186 කින් කොළඹ ලූම්බිණි විදුහල පාරජය කිරීමට සමත් වූහ.

ශාන්ත පීතර විදුහල  ඕවර 50 යේදී කඩුලූ 6 ට 321 (ළහිරු මිලන්ත 80, ජනිත් ලියනගේ 68, කාවින්ද ද තිසේරා නොදැවී 68, දුෂාන් හේමන්ත 57, ජම්මික දරණි 44/3, තරුෂාන් ලලන්ත 60/2)

ලූම්බිණි විදුහල  ඕවර 30.4 කදී සියලූ දෙනා දැවී 135 (චාමර නිශාන්ත 50, ජම්මික දරණි 29, ක‍්‍රිෂාන් ප‍්‍රනාන්දු 25/5, දුෂාන් හේමන්ත 9/2)