ශාන්ත පීතර කී‍්‍රඩකයෝ සත් සාමාජික රග්බි ශූරතාව දිනති


සමස්ත ලංකා 18 න් පහළ සත්සාමාජික රගර් තරගාවලියේදී ප‍්‍රබල රාජකීය කණ්ඩායම ලකුණු 26-10 ලෙස පරාජය කරමින් කුසලාන ශුරතාව දිනාගැනීමට ශාන්ත පීතර විද්‍යාලයීය කී‍්‍රඩකයෝ සමත්වූහ.

අවසන් පූර්ව වටයේදී වේල්ස් කුමර විදුහල පරදවා 24-0 ක පහසු ජයක් ලබාගත් රාජකීය විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ අතර ශාන්ත පීතර විදුහල අවසන් මහ තරගයට පැමිණියේ ශාන්ත ජෝශප් විදුහල 19-12 ක් ලෙස පරාජය කරමිනි.

ලකුණු 19-12 ක් ලෙස ඉසිපතන විදුහල පරාජය කළ ති‍්‍රත්ව විද්‍යාල කී‍්‍රඩකයෝ පළඟ ශූරතාව දිනාගද්දී 12-5 ක් ලෙස ලලිත් ඇතුලත් මුදලි විදුහල පරාජය කළ කේරි විද්‍යාල කී‍්‍රඩකයෝ බඳුන ශූරතාවට හිමිකමි කීහ.

තරගාවලියේ පළිහ ශූරතාවට ශාන්ත තෝමස් විදුහල හිමිකම් කීවේ ශාන්ත ජෝන් විදුහල හමුවේ 37-00 ක පහසු ජයක් වාර්තා කරමිනි. කොළඹ රාජකීය කී‍්‍රඩා සංකීර්ණයේදී පැවති මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 19 ක් ඉදිරිපත්වී තිබිණ.

කුසලාන ශූරතාව

අවසන් මහ තරගය -:
ශාන්ත පීතර විදුහල විසින් රාජකීය විදුහල පරදවා ජය ලැබීය. (26- 10)
අවසන් පූර්ව තරග -:
ශාන්ත පීතර විදුහල විසින් ශාන්ත ජොශප් විදුහල පරදවා ජය ලැබීය. (19-12)
රාජකීය විදුහල විසින් වේල්ස් කුමර විදුහල පරදවා ජය ලැබීය. (24-00)    

පළඟ ශූරතාව

අවසන් මහ තරගය -
තී‍්‍රත්ව විදුහල විසින් ඉසිපතන විදුහල පරදවා ජය ලැබීය. (19-12)
අවසන් පූර්ව තරග -
තී‍්‍රත්ව විදුහල විසින් විද්‍යා විදුහල පරදවා ජය ලැබීය. (22-12)
ඉසිපතන විදුහල විසින් ශාන්ත අන්තෝනි විදුහල පරදවා ජය ලැබීය. (39 -00)         

බඳුන ශූරතාව

අවසන් මහ තරගය -
කේරි විදුහල විසින් ලලිත් ඇතුලත් මුදලි විදුහල පරදවා ජය ලැබීය. (12- 05)
අවසන් පූර්ව තරග -
ලලිත් ඇතුලත් මුදලි විදුහල විසින් පානදුර රාජකීය විදුහල පරදවා ජය ලැබීය. (17-05)
කේරි විදුහල විසින් සහිරා විදුහල පරදවා ජය ලැබීය. (33-05)      

පළිහ ශූරතාව

අවසන් මහ තරගය -
ශාන්ත තෝමස් විදුහල විසින් ශාන්ත ජෝන් විදුහල පරදවා ජය ලැබීය. (37-00)
අවසන් පූර්ව තරග -
ශාන්ත තෝමස් විදුහල විසින් පිළියන්දල මධ්‍ය මහා විදුහල පරදවා ජය ලැබීය. (15-00)
ශාන්ත ජෝන් විදුහල නිතරගයෙන්ම අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය.

ඡයාරූප: ශානුක අරවින්ද

කුසලාන ශූරතාව දිනාගත් ශාන්ත පීතර විදුහල් කණ්ඩායම

 

 

 

 

 

 

 

 

 

 

 

 

පළඟ ශූරතාව දිනාගත් ත‍්‍රිත්ව විදුහල් කණ්ඩායමේ නායකයා ශූරතාව ලබාගනිමින්...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

බඳුන ශූරතාව දිනාගත් කේරි විදුහල් කණ්ඩායමේ නායකයා ශූරතාව ලබාගනිමින්...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

පළිහ ශූරතාව දිනාගත් ශාන්ත තෝමස් විදුහල් කණ්ඩායමේ නායකයා ශූරතාව ලබාගනිමින්...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

අවසන් තරගයේ උණුසුම් අවස්ථාවක්...