මහනුවර බෝගම්බර පිටියේදී අද (4 වැනිදා) පැවැති සිංගර් ලීග් ශ-ූරතා රග්බි තරගයකදී කොළඹ රාජකීය විදුහල් පිල ලකුණු 24 - 22 ක් වශයෙන් පරාජය කරමින් තියුණු ජයක් ලබාගැනීමට කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සමත් විය. තරගයේ පළමු අර්ධය නිමාවේදී ශාන්ත අන්තෝනි පිල ලකුණු 21- 08 ක් ලෙසින් ඉදිරියෙන් සිටියේය.
ශාන්ත අන්තෝනි විදුහල් පිල ගෝල 3 කින් සහ දඬුවම් පහරකින් ලකුණු ලබාගත් අතර රාජකීය විදුහල් පිලට ලබාගත හැකිවූයේ ගෝල 2 ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් පමණි.