ශාන්ගේ සියලු ප්‍රේම ගීත අබිබවා යන අලුත්ම ප්‍රේම ගීතය


2016-06-16-ent-32

භූෂන් කුමාර්ගේ නිෂ්පාදකත්වය යටතේ තරුණ සංගීත අධ්‍යක්ෂවරයෙකු වන අමාල් මලික් සමගින් ප්‍රථම වරට ගීතයකට එක් වී ඇති ශාන් ගායනා කරන ඔහුගේ අලුත්ම ගීතය වන "තුම් හෝතෝ ලග්තා හයි" ඉදිරියේදී ඉමහත් ජනප්‍රියත්වයකට තුඩුදෙනු ඇතැයි වාර්තා වන අතර, පද රචනය ලැබී පළමු පේළි අමාල් වාදනය කරද්දීම ශාන්ට එය ගායනා කිරීමට තරම් ආශාවක් සිතීමත්, ශාන් යනු මෑතකදි බිහිවූ හොඳම ප්‍රේම ගීත ගායකයා වීමත් ඊට හේතුවයි. අනෙක් අතට ශාන් පවා පවසන්නේ තමන් මෙතෙක් ගායනා කළ සියලු ගීත මෙම ගීතයත් සමගින් පරාජයට පත් වූ බවයි.මෙතරම් ආදරණීය බවක් තමන්ට කිසිදිනෙක නොදැනුණු බවද ඔහු පවසයි