ශා. පීතරයෝ රාජකීයයන් පරදවති


වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයකදී බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් පිටියේදී අද (05) පැවැති තරගයේදී ශාන්ත පීතර විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 31-19 කින් රාජකීය විදුහල් පිල පරාජය කිරීමට සමත් වූහ. ශාන්ත පීතර විදුහල 14-6 ක් ලෙස පළමු අර්ධයේදී පෙරමුණේ පසුවිය.