ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරාට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය


(සුජිත් හේවාජූලිගේ සහ ආරියරත්න රණබාහු)
 
අගවිනිසුරු තනතුරට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලීන් පෙරේරා මහතා පත් කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නාම යෝජනාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය අද (12) ලැබිණ.


අගවිනිසුරු තනතුර සම්බන්ධයෙන් නාම යෝජනා සළකා බැලීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද දහවල් රැස්විය.


සිය තීරණය ජනාධිපතිවරයාට අදම දන්වා යැවූ බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පවසයි.


මේ සම්බන්ධයෙන් කතානායකවරයා නිකුත් කළ නිවේදනයක මෙසේ සඳහන් විය.


‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (2018. 10.12) දහවල් 12ට කතානායකගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්විය.


එහිදී පුරප්පාඩු වී ඇති අගවිනිසුරුධුරය පත් කිරීම පිළිබඳව සළකා බැලූ අතර ඒ සඳහා ජනාධිපතිවරයා විසින් යොමු කරන ලද නාම යෝජනාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමි විය.


ඒ අනුව, අදාළ පත්කිරීම සඳහා ජනාධිපති වෙත සිය නිගමනය දන්වා යැවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කටයුතු කරන ලදී.