ශ්‍රීලනිපයේ පිරිසක් වෙනම මැයි රැලියක?


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ටී බී ඒකනායක, එස් එම් චන්ද්‍රසේන, සාලින්ද දිසානායක, බන්දුල ගුණවර්ධන සහ මහින්දානන්ද අලුත්ගමගේ මහත්වරුන් ද, බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් ද මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් පවත්වන ඒකාබද්ධ මැයි රැලියට සහභාගී වන බව ආරංචි මාර්ග කියයි.

කිරුලපොන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන එම මැයි රැලියට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ද ආරාධනා කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසක් පෙළපාළියෙන් එම මැයි රැලියට යෑමට කටයුතු සංවිධානය කරන බව ඔවුන්ට හිතවත් ආරංචි මාර්ග සඳහන් කරයි.