(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිම හේතුවක් මත ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.
ජාතික ආණ්ඩුව වශයෙන් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් දිගටම කටයුතු කරගෙන යන බවද ඔහු කීය.
අමරවීර මහතා මේ බව පැවැසුවේ අම්බලන්තොට මල්පෙත්තාව ප්‍රදේශයේ පැවැති ජන හමුවකදීය.
මහින්ද අමරවීර මහතා මෙසේද පැවැසීය.
‘‘ජාතික ආණ්ඩුව මේ දක්වා ජනතාව වෙනුවෙන් ලොකු වැඩ කොටසක් කරලා තියෙනවා. මේ වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යෑම අපේක්ෂාවයි. ආණ්ඩුවේ පවතින අඩුපාඩු හඳුනාගෙන ඒවා නිවැරදි කරමින් ඉදිරියට යනවා. ‘‘