සති ගණනාවක් පුරාවට අස්ථාවරව පැවති ශී‍්‍ර ලංකාවේ දේශපාලන වාතාවරණය හොදින් හෝ නරකින් හෝ නිමාව දකින කාලය ඇත්තේ ඉදිරියටය.හොදින් නිමාව දකිනු ඇතැයි කිව හැක්කේ 19 ඒ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සදහා වන පාර්ලිමෙන්තු විවාදය අද දිනයේ ආරම්භ වන නිසාය.එය සම්මත කර ගැනීමෙන් පසු 20 ඒ ව්‍යවස්ථා සංශෝධනය හරහා යෝජිත නව මැතිවරණ ක‍්‍රමය ගෙනඒමට නියමිතය.කෙසේනමුත් මේවායේ නරක පැත්තක්ද ඇත.19 සම්මත නොවීම යනු ජනාධිපතිවරණ සමයේදී ජනපති සිරිසේන තමන් විධායක ජනපති බලතල අත්හරින්නේයැයි දුන් පොරොන්දුව බිද හෙළන්නක් වනු ඇත.මෙලෙසම 20 ව්‍යවස්ථා සංශෝධනයද පරාජය වුවහොත් නව මැතිවරණ ක‍්‍රමයක සිහිනයද බොදව යනු ඇත.මෙසේ සිදුවුවහොත් වත්මන් රජයට අත්වනු ඇති ඉරණම කුමක්වනු ඇත්දැයි අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.
ව්‍යවස්ථා සම්මත කරගැනීම සදහා තුනෙන් දෙකක බලය ලබාගැනීමට හැකිවේදැයි යන සිතිවිල්ල මේ දිනවල වත්මන් රජයේ පාර්ශවකරුවන්ගේ සිතෙහි හොල්මන් කරන්නකි.විශේෂයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂපාතී පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරු කණ්ඩායම ඡුන්දය ලබාදීමට නම් තමන්ගේ කොන්දේසි ඉටුකළ යුතුයැයි පවසා සිටීම තත්ත්වය තවත් බරපතල කර ඇත.ඔවුන්ටද දැන් 19 වැනි ව්‍යවස්ථාවට යෝජනා එකතු කිරීමට අවශ්‍යව තිබෙන අතර එවැනි එක් යෝජනාවක් වන්නේ යෝජිත ව්‍යවස්ථා කවුන්සිලයට පිටතින් සාමාජිකයින් පත්කරගැනීමක් සිදුනොකර ඒ සදහා පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන්වම තෝරාගැනීමය.මෙම මන්තී‍්‍රවරු බහුතරයක් අයත් වන ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පසුගියදා ව්‍යවස්ථා සංශෝධන වලට සහය පළකරන බවට තීරණයකට එළැඹියද පවතින වාතාවරණයට අනුව කුමක් සිදුවනු ඇත්දැයි කිව නොහැකිය.
අපි මේ ගැටළුව විසදන්න උත්සාහ කරමින් සිටින්නේ.එකගතාවයකට ආවට පස්සේ අපි අවසාන තීරණය ගන්නවා
සන්ඬේ ටයිම්ස් කළ විමසීමකදී විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ එසේය.ඊයේ ශී‍්‍රලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන්ගේ විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතව තිබුණු අතර එහි අරමුණ 19 ඒ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සදහා සහයදීමේ වැදගත්කම ඔවුන්ට පෙන්වාදීම වුනි.එම හමුවේ ප‍්‍රතිඵලය කුමක්දැයි දැකගැනීමට හැකිවනු ඇත්තේ ඉදිරි දින කිහිපයේදීය.
පසුගිය සෙනසුරාදා දිනය වන තෙක්ම තිරය පසුපස සිට කි‍්‍රයාත්මක වුනු විවිධ පුද්ගලයින් සිටියේ ජනපති සිරිසේන හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අතර එකගතාවයක් ඇතිකිරීමට උත්සාහ කරමිනි.ශ‍්‍රී‍්‍රලංකා නිදහස් පක්ෂයේ මැයි දින පෙළපාලිය සංවිධානය කිරීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා එකම මතයකට ගෙන ඒමද එම පුද්ගලයින්ගේ එක් අරමුණක් විය.නමුත් ගෙවුනු සතියේ සිදුවීම් සැළකීමේදී දෙදෙන එක්කිරීමේ කාර්යය කෙතරම් දුරට සාර්ථකවනු ඇත්දැයි ඇත්තේ සැකයකි.මෙනිසාම ඊයේ දින සන්ඬේ ටයිම්ස් පුවත්පතේ මුල්පිටුවේ සදහන්වූ ආකාරයට ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ශී‍්‍රලංකා නිදහස් පක්ෂය මැයි දින පෙළපාලි දෙකක් පැවැත්වීමේ ඉඩක් ඇත.
රජයේ නිල ආරංචි මාර්ගයක් සදහන් කළ ආකාරයට හදිසියේවත් 19 ඒ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට නොහැකිවුවහොත් බොහෝවිට මැයි මස 5 වැනිදා පාර්ලිමෙන්තුව විසිරුවා හැරීමත් ජූනි මාසයේ අවසන් භාගය වන විට පාර්ලිමෙන්තු මැතිවරණයන් පැවැත්වීමත් සිදුවේ.එවැනි තත්ත්වයකදී ඡුන්ද විමසීම සදහා භාවිතයට ගැනීමට සිදුවනු ඇත්තේ පැරණි සමානුපාතික ඡුන්ද ක‍්‍රමයමය.මේ සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා සවස්වරුවේ පැවති ජාතික විධායක කවුන්සිල හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡුා කෙරිණ.එවර එම හමුවට හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද සහභාගීව සිටියාය.
යෝජිත නව මැතිවරණ ක‍්‍රමය සම්බන්ධයෙන් ශී‍්‍රලංකා මුස්ලිම් කොංග‍්‍රසය හා ජනතා විමුක්ති පෙරමුණ එකහෙළාම විරෝධය පළකළෝය.පසුගිය සතියේ කැබිනට් තීරණ දැනුම්දීමේ හමුවකදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මැතිවරණ ක‍්‍රමය පිළිඹද ලියැවිල්ලක් ජනපතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවද එයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවද සදහන් කළ ප‍්‍රකාශයක් පක්ෂ දෙකෙහි නායකයින්ගේ විවේචනයට ලක්විය.
කැබිනට් එක එහෙම තීරණයක් ගත්තේ නැහැනේ.අනෙක ඇයි ජනපතිතුමා තවත් මැතිවරණ සංශෝධනයක් ගැන ලියවිල්ලක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ? සියලූ පක්ෂ නායකයින්ගේ අනුමැතිය ලැබුණු මැතිවරණ ක‍්‍රමයකට මේ වෙනකොට අපි එකගවෙලයි තියෙන්නේ.ඇයි තව එකක්? ශී‍්‍රලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා විමසීය.
ඔහුට වහාම පිළිතුරු දුන් ජනපතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ නව මැතිවරණ ක‍්‍රමයේ අන්තර්ගත වියයුතුයැයි ශී‍්‍රලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කර තිබූ යෝජනා කිහිපයක් යැයි කීවේය.මේ ඇසූ හකීම් එක්සත් ජාතික පක්ෂය හා ශී‍්‍රලංකා නිදහස් පක්ෂය අතර ඇති සීතල යුද්ධය නිමා කිරීමට දැන් කාලය පැමිණ ඇතැයි පැවසුවේය.
ජාතික විධායක කවුන්සිලයෙන් දැන් කැබිනට් මණ්ඩලයේ කටයුතුද අධීක්ෂණය කෙරෙන නිසා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත්කිරීමට ප‍්‍රථමයෙන් එය ජාතික විධායක කවුන්සිලයට ඉදිරිපත් කළ යුතුයැයි හකීම් කීවේය.ජාතික හෙළ උරුමට දැඩිව විවේචනය කළ ඔහු එම පක්ෂයේ නායකයින් ඥානචාරීවරුන් යොදාගෙන ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ වුවමනාවට මැතිවරණ ක‍්‍රමය වෙනස් විය යුත්තේ කෙසේදැයි යෝජනා සම්පාදනය කර තිබෙන බවට චෝදනා කළේය.ඔහු එය එල්ල කළේ කවරෙකුටදැයි පැහැදිලිය.කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු යෝජනා වලට අනුමැතියක් ලැබී නොතිබියදී එම යෝජනා සම්මතවූවා යැයි ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කිරීම සම්බන්ධයෙන් හකීම්ගේ දෝශාරෝපණයට මුහුණදීමට රාජිත සේනාරත්න අමාත්‍යවරයාට සිදුවිය.මෙය පුදුමයට කාරණයක් නොවේ.කැබිනට් ප‍්‍රකාශක තනතුර ලැබුණු දිනයේ පටන්ම රාජිත සේනාරත්න අමාත්‍යවරයා රජයේ අනුදැනුමකින් තොරව ප‍්‍රකාශයන් නිකුත් කරන බව දැන් සියලූදෙනා හදුනාගෙන තිබෙන්නකි.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන යෝජනා පාර්ලිමෙන්තු මැතිවරණයකදී තම පක්ෂයේ විනාශය අරමුණු කරගෙන සකස් කර තිබෙන බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා චෝදනා කළේය.මේ සම්බන්ධයෙන් වහාම පියවර නොගතහොත් ජාතික විධායක කවුන්සිලයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉවත්වන බවටද ඔහු තර්ජනය කළේය.හකීම්ද ඊට සහය පළකරමින් අදහස් දැක්වීය.ජාතික හෙළ උරුමයද ජනතා විමුක්ති පෙරමුණට එරෙහි කුමන්ත‍්‍රණයක නියැළී සිටිනවායැයි දිසානායක කීවේය.ජාතික විධායක කවුන්සිලයේ කටයුතු සම්බන්ධයෙන්ද අදහස් පළකළ ඔහු බොහෝ අවස්ථාවන්හිදී කවුන්සිලය ගන්නා තීරණ හරිහැටි කි‍්‍රයාත්මක නොවන බව පෙන්වා දුන්නේය.සියලූම යෝජනාවන් කවුන්සිලයට ඉදිරිපත් කර ඉදිරිපත් වන අදහස් අනුව සංශෝධනයන් සිදුවිය යුතුබවට එකගතාවක් තිබුණද දැන් කවුන්සිලයේ ඇස්වසා එසේ සිදුකළ සංශෝධනයන් නැවත වෙනස් කිරීමේ වෑයමක් ඇති බව ඔහු පැවසුවේය.
19 ව්‍යවස්ථා සංශෝධනයේ යෝජනාවලට මේ වන විට එකගතාවය පළව ඇති හෙයින් තවත් යෝජනා ඉදිරිපත් කිරීමේ ඵලක් නොමැති බව අගැමති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේය.ව්‍යවස්ථා සංශෝධනයට තවත් යෝජනා ගෙනඒම පසුපස සිටින්නේ හිටපු ඇමති වාසුදේව නානායක්කාරය.මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රබල ආධාරකරුවෙකු වන හෙතෙම මෙසේ 19 ්් ව්‍යවස්ථා සංශෝධනයට තවත් සංශෝධනයන් සිදුවිය යුතුබව පවසන්නේ මහජන එක්සත් පෙරමුණේ දිනේෂ් ගුණවර්ධන හා හිටපු අමාත්‍ය ජී.එල් පීරිස් හා එක්ව බව සදහන්ය.
19 ව්‍යවස්ථා සංශෝධනයේ සදහන් යෝජනාවලට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය හිමිව ඇති නිසා ඊට තවත් යෝජනා ඇතුළත් කිරීමේ ඉඩක් නොමැති බව ජනපති සිරිසේනද පෙන්වා දුන්නේය.ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය උල්ලංඝණය කළ නොහැකි බව ඔහු අවධාරණය කළේය.මෙනිසාම එක්සත් ජාතික පක්ෂය 19 ්් සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට ප‍්‍රථමයෙන් ලහිලහියේ ව්‍යවස්ථා සංශෝධන යෝජනා කිහිපයක් ඊට ඇතුළත් කරවාගෙන තිබෙන බවටද රාවයක් ඇත.
මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් පණත් සැකසීම සදහා ජනපතිවරයා ජයම්පති වික‍්‍රමරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුතු නීතීඥවරුන් කණ්ඩායමක් පත් කිරීමද සිදුකළේය.සංශෝධනයන් සම්බන්ධයෙන් පණත් දෙකක් සකස් කරන ලෙස හෙතෙම උපදෙස් දුන්නේය.මෙම පණත් දෙක සකස් කිරීමේ කටයුතු අද දිනය වන විට අවසානව තිබිය යුතුය.බදාදා දිනයේදී පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවේදී මෙම පණත් අමාත්‍යවරුන්ගේ අනුමැතිය ලබාගැනීම සදහා යොමුකර ඉන්පසු වහාම ඒවා පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීම ජනපතිවරයාගේ සැළැස්මයි.දැනට අනාවරණයව ඇති තොරතුරු වලට අනුව මැතිවරණ ක‍්‍රමයේ සංශෝධනයන් ඇතුළත් 20 ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමෙන්තුවේ සම්මත කර ගැනීමට නියමිතව ඇත්තේ හදිසි පණතක් ලෙසය.මෙනිසා ඒ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට හෝ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ වාද විවාද වලට ලක්කිරීමට හෝ ඉඩක් නැත.සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත්කර එය ව්‍යවස්ථාවට අනුකූලදැයි සොයාබැලීම පමණක් සිදුවන අතර බොහෝ දේශපාලන පක්ෂ මේ සම්බන්ධයෙන් තම අසතුට පළකර තිබෙන්නේ ජනමතය විමසීම මගහැරීම නොකළ යුත්තක් බව කියමිනි.
බ‍්‍රහස්පතින්දා රැයේ ජාතිය අමතමින් කළ ප‍්‍රකාශයේදී 19 ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන්ගේ සහය අපේක්ෂා කරන බව ජනපතිවරයා පැවසුවේය.
ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට ජනතා නියෝජිතයින් වන ඔබගේ සහය මම ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.මෙය ඓතිහාසික අවස්ථාවක්.ඔබ සියලූදෙනා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට ඡුන්දය ලබාදෙනු ඇතැයි මා සිතනවා. ජනපති සිරිසේන කීවේය.
ජනපතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ ක‍්‍රමයේ සංශෝධන යෝජනා වල පාර්ලිමෙන්තු ආසන සංඛ්‍යාව 255 දක්වා ඉහළ නැංවිය යුතු බව නැවත වරක් සදහන් කර තිබුණි.මෙය මෙලෙසම පෙර අවස්ථාවක පත්කර තිබූ ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් සිව්දෙනාගේ කමිටුවද නිර්දේශ කර තිබුණකි.ආසන 170 ක් සදහා කේවල ක‍්‍රමය යටතේත්,ආසන 60 ක් සදහා සමානුපාතික ක‍්‍රමය යටතේත්,ඉතිරි ආසන 25 සදහා ජාතික ලැයිස්තුවෙනුත් නියෝජිතයින් පත්කර ගත යුතු බව ශී‍්‍රලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කර තිබූ මැතිවරණ සංශෝධන යෝජනාවන්ගේ සදහන් විය.ඊයේ දින පැවැත්වීමට නියමිතවූ සාකච්ඡුාවේදී එම පක්ෂයේ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් 19 ්් ් හා 20 ්් ව්‍යවස්ථා සංශෝධනයන් පිළිඹදව වැඩිදුරටත් දැනුම්වත් කිරීමට සැළසුම්කර තිබුණි.
ජනපති සිරිසේන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට ප‍්‍රසිද්ධියේම තම පක්ෂයේ මන්තී‍්‍රවරුන්ගෙන් සහය ඉල්ලා සිටීම තමන් පක්ෂයේ ප‍්‍රධානියා බව පෙන්වීමට ඔහු ගත් උත්සාහයක් ලෙස සැළකිය හැකිය.ඔහු නායකත්වය දරන ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මන්තී‍්‍රවරු ඔහුට විරුද්ධව කටයුතු කරමින් සිටින බව මේ වන විට ප‍්‍රසිද්ධ රහසක් බවට පත්ව හමාරය.එය හොදින්ම පෙන්වා දුන් අවස්ථාවක් වූයේ පසුගියදා ප‍්‍රකාශයක් ලබාගැනීම සදහා පැමිණෙන්නැයි අල්ලස් හා දුූෂණ විමර්ෂණ කොමිසම හිටපු ජනපතිවරයාට නියෝගයක් නිකුත් කිරීමත් සමග උද්ගතවූ තත්ත්වයයි.හිටපු ජනපතිවරයාව කොමිසමට කැදවීමට එරෙහිව නැගුනු විරෝධය හමුවේ බළධාරීන්ට සිදුවූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිළධාරීන් හිටපු ජනපතිවරයාගේ නිවස වෙත යවා එහිදී ඔහුගෙන් ප‍්‍රකාශයක් සටහන්කරවා තීරණය කිරීමටය.මෙය ජනපති සිරිසේන අපේක්ෂා නොකළ දෙයකි.අනෙක් අතට හිටපු ජනපතිවරයාට නැගී තිබෙන චෝදනාව වන එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට
ජනාධිපතිවරණ සමයේදී ඇමතිධූරයක් ලබාදුන්නායැයි වන චෝදනාව ශී‍්‍රලංකාවේ දේශපාලන ක්ෂේත‍්‍රයේ විකාශය දෙස බැලීමේදී වැඩකට නැති දෙයකි.බලයට පත්වූ පසු තමන්ට සහය දුන් පුද්ගලයින්ට අත දිගහැර සංග‍්‍රහ නොකළ රජයක් නොමැති තරම්ය.එය වංචාවක් ලෙස සැළකෙන්නේ නම් පාර්ලිමෙන්තුවේ සිටින පක්ෂ විපක්ෂ බොහෝ මන්තී‍්‍රවරුන් මේ වන විට සිටිය යුත්තේ සිරගෙදරය.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හා දුූෂණ කොමිසමට කැදවීමේදීත් රජයට මිීට සමාන තත්ත්වයකට මුහුණදීමට සිදුවිය.හිටපු ආරක්ෂක ලේකම්වරයා කොමිසම හමුවට කැදවුනේ පෞද්ගලික ආරක්ෂක සමාගමක් රජයේ ආරක්ෂක අංශ වලද සහය ලබාගෙන පවත්වාගෙන ගිය පාවෙන අවිගබඩාවක් පිළිඹද තොරතුරු විමසීමටය.මෙම අවස්ථා දෙකෙහිදීම රජය මෙම දෙදෙනා අල්ලස් දුූෂණ කොමිසමට කැදවූයේ ඇයිදැයි හේතුව ජනතාවගෙන් වසන් කළේය.අනපේක්ෂිත ලෙස නැගුනු විරෝධයන්ට රජයට මුහුණදීමට සිදුවූයේ ඒ නිසාය.අල්ලස් හා දුූෂණ විමර්ණ කොමිසමේ පරීක්ෂණ කටයුතු රහසිගතව සිදුවිය යුතු බව සත්‍යයක් මුත් හිටපු ජනපතිවරයෙකුත්,ආරක්ෂක ලේකම්වරයාව සිටි ඔහුගේ සහෝදරයාත් කොමිසම ඉදිරියට කැදවෙන්නේ කවර හේතුවක් නිසාදැයි ජනතාවට පැවසීම රජයේ වගකීම විය යුතුව තිබුණි.නමුත් එවැන්නක් නොකිරීම නිසා ජනතාවගේ අනුකම්පාව හිමිව ඇත්තේ ඔවුන් දෙදෙනාටය.
ගෝඨාභය අල්ලස් හා දුූෂණ විමර්ෂණ කොමිසමට කැදවාගෙන ගිය පළමු දිනයේ බෞද්ධාලෝක මාවත ඔහුගේ ආධාකරුවන්ගෙන් වැසී තිබුණි.පසුගිය සිකුරාදා ඔහු නැවත වරක් කොමිසමට පැමිණි අවස්ථාවේද තත්ත්වය එසේම විය.මෙය රජයට රතු එළියක් දල්වන්නකි.මේ දක්වාම රජය දුවා ඇත්තේ හිටපු ජනපතිවරයා සකස් කළ රාජ්‍ය තන්ත‍්‍රය මත පිහිටාය.වත්මන් රජයට සහය පළකරන එකදු හෝ රාජ්‍ය නිළධාරියෙකු හෝ යාන්ත‍්‍රණයක් සකස් කරගැනීමට වත්මන් රජයට තවමත් නොහැකි වී ඇතුවාවත්ද? වංචා සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ වලට ප‍්‍රශ්න කිරීම සදහා අවශ්‍ය පුද්ගලයින් මෙරට හැරයමින් සිටින්නේ,පරීක්ෂණ මගහරිමින් කට්ටි පනිමින් සිටින්නේ තවමත් රටේ රාජ්‍ය තන්ත‍්‍රය හිටපු ජනපතිවරයාට පක්ෂපාතීව කි‍්‍රයාත්මක වන නිසාවත්ද?
රාජපක්ෂ රජයයේ අනුහසින් රාජ්‍ය ආයතන වලට පත්වූවන් ඉවත් කර ඒ වෙනුවට නව පුද්ගලයින් පත්කිරීමට නව රජය ගත් පියවර කෙතරම් දුරට සාධනීයදැයි යන්න ගැටලූවකි.රාජ්‍ය තන්ත‍්‍රයේ කොදු නාරටිය ශක්තිමත් කර යහපාලනය ස්ථාපිත කිරීම රජයේ අරමුණ වුවත් එසේ පත්කළ පුද්ගලයින් ඇතැමෙක්ම පසුගිය රාජපක්ෂ රජයේ හිතවාදීන්වීම ඊට හේතුවයි.
පසුගිය සමයේ පෞද්ගලික බැංකු වලට පත්කර සිටි රාජපක්ෂ හිතවාදීන් ඉවත් කර ඒ වෙනුවට නව රජයේ නිළධාරීන් පත්කිරීමට පියවර ගැනීමත් සමග රජය මේ තත්ත්වය ගැන සැළකිලිමත්වී ඇත ි බවක් දැකගත හැකිවිය.මෙතැනදී රජයට පසුගිය රාජපක්ෂ රජයට නැගුණු චෝදනාවමවූ රජයට හිතවාදී පුද්ගලයින් පත්කරනවායැයි යන චෝදනාවට මුහුණදීමට සිදුවූ අතර රජයෙන් ඊට ලැබුණු පිළිතුර වූයේ එම බැංකු වල ක‍්‍රමවේදයන්ට අනුව පුද්ගලයින් පත්කරන තාක්කල් මෙසේ පුද්ගලයින් පතකළ බවය.කළත් වැරදියි,නොකළත් වැරදියි තත්ත්වයකට රජයට මුහුණදීමට සිදුවීමට ඇත්තේ මෙලෙසය.
පසුගියදා නැවත දිවයිනට පැමිණි බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන්ද රජය කටයුතු කළේ උදාසීන ස්වභාවයකිනි.ජනපතිවරණය අවසානයේ ඔහු ඇමරිකාව බලා පිටත්ව ගියේ වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගැනීම සදහා යන බව කියමිනි.ඔහුට ඇමරිකාවේ කැලිෆෝර්නියා ප‍්‍රාන්තයේ ඔහුගේම යැයි කියා නිවසක්ද ඇත.නැවත ඔහු දිවයිනට පැමිණියේ හිටපු ජනාධිපතිවූ ඔහුගේ සොහොයුරාගේ උපදෙස් වලට පටහැනිව බව සැළය.තම සොහොයුරාට පාර්ලිමෙන්තුවේ මෙන්ම පිටත තවමත් ඇති ජනතා කැමැත්ත බැසිල් රාජපක්ෂට නැවත වරක් දිවයිනට පැමිණීමට සිතදෙන්නට ඇතැයි සිතිය හැකිය.දිවයිනට පැමිණි වහාම ඔහු ගියේ මූල්‍ය අපරාධ විමර්ෂණ අංශයේ නිළධාරීන් හමුවීමටය.එහිදී ප‍්‍රකාශයක් සටහන්කර ගත්තායින් පසු ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගැනුනු අතර එතැනින් බන්ධනාගාර රෝහලටත්,අනතුරුව ජාතික රෝහලේ ගෙවන වාට්ටුවකටත් ඔහු මාරු වූයේ අසනීප තත්ත්වයක් ඇතැයි කියමිනි.නැවත පැමිණෙන්නට දින දෙකක කාලයක් තමන්ට ලබාදෙන්නැයි මූල්‍ය අපරාධ විමර්ෂණ අංශයේ නිළධාරීන්ගෙන් ඔහු ඉල්ලා සිටියේය.එසේ කිරීමට හැකියාවක් නැති පැවසූ එම නිළධාරීන් අවසානයේ රෝහලේ සිටියදීම බැසිල් රාජපක්ෂගෙන් පිටු 16 ක ප‍්‍රකාශයක් සටහන් කර ගත්තේ්ය.
බැසිල් රාජපක්ෂ ඉක්මනින් රෝහලෙන් ඉවත් කරනොගතහොත් රෝහල ඉදිරිපස ජනතා විරෝධතාවක් පැවැත්වීමේ ඉඩක් ඇතැයි නිළධාරීන් බියපත්ව සිටී.තමන් අත්අඩංගුවට නොගතහොත් මූල්‍ය අපරාධ අංශයටම පැමිණ ප‍්‍රකාශයක් ලබාදෙන බව බැසිල් රාජපක්ෂ පවසා ඇත.නමුත් ඔහුගේ ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කිරීමට මූල්‍ය අපරාධ අංශයේ නිළධාරීන් කටයුතු කර තිබේ.
යහපාලනය යටතේ මාධ්‍ය වලට හිමිව ඇති නිදහස ගැනද මෙහිදී සදහන් කළ යුතුය.පසුගිය රජය සමයේ මෙන් නොව පක්ෂ විපක්ෂ සියලූදෙනාට එකසමාන ගුවන්කාලයන් ලබාදීමට මාධ්‍යයන් පියවර ගෙන ඇති නිසා රජයේ මෙන්ම විපක්ෂයේ කි‍්‍රයාකාරකම් ගැනත් දැනුම්වත්වීමට දැන් ජනතාවට හැකිය.බැසිල් රාජපක්ෂ පිළිඹද තොරතුරු ජනතාව දැනගත්තේ ඒ අයුරිනි.මෙය ඉතා යහපත් තත්ත්වයක් වුවත් රජය එහි ප‍්‍රයෝජනය ගන්නා බවක් පෙනෙන්නට නැත.පසුගිය රජය පාලන සමයේදී නිරතුරුව රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරයාගේ,ඇමතිවරුන්ගේ,රාජ්‍ය පාක්ෂිකයින්ගේ ප‍්‍රකාශයන් හා කටයුතු විකාශය වුනි.මෙය එම රජයට වාසි සහගත පරිසරයක් නිර්මානය කළේය.වත්මන් රජය මෙවැනි උපක‍්‍රමයක් අනුගමනය කළ යුතුයැයි මෙයින් අදහස් නොකෙර්.ගැටලූව වී ඇත්තේ මාධ්‍ය සම්බන්ධ ප‍්‍රවීණයින් බොහෝ දෙනෙකු සිටියත් එක්සත් ජාතික පක්ෂය තවමත් මාධ්‍යයේ භාවිතයන් ගැන සැළකිල්ලක් යොමුකර නොතිබීමයි.එසේ සැළකිලිමත් වූයේ නම් රජයට මේ සා පරිහානියක් සිදුවන්නේ නැත.එක්සත් ජාතික පක්ෂයට මේ ගැන වුවමනාවක් නැත.නැතිනම් පක්ෂයේ අවධානය තිබෙන්නේ වෙනතකය.
රට පාලනය කරන ති‍්‍රත්වය එනම් සිරිසේන,වික‍්‍රමසිංහ හා බණ්ඩාරනායක පසුගිය දිනවල වංචා හා දුූෂණ කටයුතු මැඩලිය යුත්තේ කෙසේදැයි සාකච්ඡුා කළහ.අවසන ඔවුන්ගේ තීරණය වුයේ පසුගිය රජය සමයේ සිදුව ඇති වංචා හා දුූෂණ පිළිඹද තොරතුරු සොයාබැලිය යුතු බවය.මෙය ළග එන මැතිවරණය ඉලක්ක කර කි‍්‍රයාත්මක කරන්නක් දැයි පැහැදිලි නැත.මේ ආශි‍්‍රත පරීක්ෂණ කටයුතු වල නිරතව සිටින නිළධාරීන්ට ඇතැම් පරීක්ෂණ කටයුතු අතරමග නතර කරගෙන සිටීමට සිදුව තිබෙන අතර එම පරීක්ෂණ සිදුවන්නේ පසුගිය රජයේ බලවත්ම පුද්ගලයින්ට එරෙහිව වීම ඊට හේතුවයි.මෙම තත්ත්වය මැඩලීමට පියවර ගත යුතුව ඇත.හිටපු පරිපාලන නිළධාරියෙකු හා පූජ්‍ය පක්ෂයේ සාමාජිකයෙකු වන ප‍්‍රකට පුද්ගලයෙකු පසුගිය රජය සමයේ රාජ්‍ය මුදල් අයථා ලෙස පරිහරණය කර රුපියල් ලක්ෂ 6000 කට අධික මුදල් ප‍්‍රමාණයක් වංචා කර ඇතැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇත.නුදුරු දිනකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට නියමිතය.
දුූෂණය හා වංචාව මර්දනය කරන්න මම සියලූ පියවර ගන්නවා.රටේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් සුරකින්න මම එමගින් කටයුතු කරනවා.
යැයි ජනපති සිරිසේන පසුගියදා ජනතාව අමතමින් පැවසූයේ එනිසාය.දුූෂණය හා වංචාව පිටුදැකීමට රජය දිගින් දිගටම කටයුතු කරමින් සිටින බව පෙන්වාදීම ඔහුගේ අරමුණ විය.ඔහුගේ කතාවේ එක් අවස්ථාවක ඔහු පසුගිය රාජපක්ෂ රජය සමයේ ජනතාව සිටියේ වහලූන් හැටියට බවත් නව රජය බලයට පත්වීමත් සමග ජනතාවට වහල්බවින් මිදී නිදහස් වීමට අවස්ථාව ලැබී තිබෙන බවත් සදහන් කළේය.ගැටලූව තිබෙන්නේ මෙතැනය.වහල් බවින් මිදීමට අවස්ථාව ලැබී තිබෙන්නේ කෙසේදැයි මිීට වඩා ජනතාව දැනුම්වත්වීමක් සිදුවිය යුතුය.ඒ සදහා මාධ්‍ය භාවිතා කිරීම අනිවාර්යය අංගයකි.මෙය ජනපතිවරයා මෙන්ම නව රජයේ නායකයින්ද සැළකිල්ලට ගතයුතු කරුණකි.
ශී‍්‍රලංකා නිදහස් පක්ෂ සාමාජිකයින්ගෙන් කළ ඉල්ලීමට අමතරව තමන්ට නැගෙන චෝදනා සම්බන්ධයෙන්ද ජනපතිවරයා තම කතාවේදී අදහස් පළකළේය.දුර්වල නායකයෙකු බව කියමින් තමන්ට පහර ගසන විචාරකයින්ට පිළිතුරු දුන් ඔහු
ඔබ මා දුර්වල යැයි කියන්නේ විධායක බලතල භාවිතා නොකළ නිසාද? මා මෙතැනට පත්වූයේ විධායක බලතල අහෝසි කරන බවට දුන් පොරොන්දුවකින්.මේ දින සියය පුරාවටම මා මගේ බලතල අයථා ලෙස භාවිතා කළේ නැහැ. යැයි පැවසීය.
ජනපතිවරයා තම බලතල භාවිතා කිරීමේ හෝ නොකිරීමේ ගැටලූවක් නැත.ගැටලූව ඇත්තේ ඔහු තමන් සතු බලතල ජනපතිවරණ සමයේ පොරොන්දුවූ පරිදි දුූෂණය හා වංචාව මර්දනය කිරීමට,රාජ්‍ය තන්ත‍්‍රය පණ ගැන්වීමට භාවිතා කළේදැයි යන තැනය.රජයේ නායකයින්ට දිනෙන් දින ප‍්‍රමාද වන පරීක්ෂණ කටයුතු ගැන නිදහසට කරුණු කීමට සිදුව ඇත්තේත්,රජය දුූෂිතයින්ට දඩුවම් නොකර කර අරිමින් සිටිනවායැයි ජනතාව අතර මතයක් ගොඩනැගී ඇත්තේත් මේ නිසාය.
ශ්‍රී ලංකාවේ නව විදේශ ප‍්‍රතිපත්තිය ගැනද ජනපතිවරයා අදහස් දැක්වූවේය.පෙර බෙදී සිටියත් දැන් අන්තර්ජාතික ප‍්‍රජාව ශී‍්‍රලංකාව වෙනුවෙන් එක්ව සිටින බව ඔහු පැවසුවේය.වෙනසක් සිදුකිරීමට තමන්ට හැකියැයි ශී‍්‍රලංකාවේ ජනතාව විශ්වාස කළාක් මෙන් අන්තර්ජාතික ප‍්‍රජාවද නව ජනපති හැටියට තමාට මානව හිමිකම් සුරක්ෂිත,ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත පරිසරයක් ශී‍්‍රලංකාවේ ඇති කිරීමට හැකියැයි විශ්වාස කරන බව ඔහු කීවේය.දින සියයයේ වැඩපිළිවෙල ගැනද ඔහු අදහස් දැක්වීය.පොරොන්දුවූ පරිදි කටයුතු සිදුව නැතැයි චෝදනා නැගුණත් වැඩපිළිවෙලට අනුව සිදුකර ඇති ඇතැම් කටයුතු කෙලින්ම ඇසට නොපෙනෙන බව ජනපතිවරයා කීවේය.
මාධ්‍ය සම්බන්ධයෙන්ද ඔහු අදහස් දැක්වීය.ලැබී තිබෙන නිදහස අයුතු ලෙස භාවිතා නොකළ යුතුයැයි ඔහු අවධාරණය කළ අතර එසේ සිදුකරන මාධ්‍ය ආයතන කිහිපයක් ගැන රජය දැඩි අවධානයෙන් සිටින බව ඔහු පැවසීය.ජනපතිවරයාගේ මෙම ප‍්‍රකාශය පදනම් විරහිත නොවේ.ඔහු ඇත්ත වශයෙන්ම සිටින්නේ ඇතැම් මාධ්‍ය ආයතන වල කි‍්‍රයාකාරීත්වය ගැන නොසතුටෙනි.නමුත් ඔහුද ඔහුගේ පූර්වගාමිීන් මෙන් මුලදී මාධ්‍ය නිදහස දෙන්නෙමියි කියා පසුව මාධ්‍ය වාරණය කරන්නට කටයුතු කරනු ඇත්දැයි දැන්ම පැවසිය නොහැක.චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේදී මාධ්‍යවේදියෙකු ඝාතනයවූ අතර සංස්කාරකවරුන් හා මාධ්‍ය ආයතන හිමිකරුවන්ට එරෙහිව අපරාධ චෝදනා එල්ල කෙරුනි.සියලූ ස්වරූපයන්ගේ මාධ්‍යයන් ඉතාම දැඩි ලෙස වාරණය කෙරුණු අතර එක් අවස්ථාවක ශී‍්‍රලංකා සිතියම පවා භාවිතා කිරීමට පවා වාරණයක් පැනවින.මහින්ද රාජපක්ෂ පාලන සමයද මිීට දෙවැනි නොවීය.පහරදීම්,ඝාතනය කිරීම්,අතුරුදන්වීම් ආදී සිදුවීම් වලින් රාජපක්ෂ පාලන සමය ගහණය.එනිසාම වත්මන් ජනපතිවරයා ඇතැම් මාධ්‍ය ආයතනයන්ගේ කි‍්‍රයාකාරීත්වය ගැන අසතුට පළකිරීම හොද ලකුණක් නොවේ.
මාධ්‍ය ආයතනයන් සැබෑවටම මාධ්‍ය සදාචාරයන්ට පටහැනිව කටයුතු කරන්නේනම් ජනපතිවරයා කළ යුතුව ඇත්තේ ප‍්‍රසිද්ධියේ ඒ පිළිඹද අසතුට පළකිරීම නොව තම උපදේශකයින්ගේ උපදෙස් ලබාගෙන අදාළ නීතිමය පියවර ගැනීමය.මෙසේ ප‍්‍රසිද්ධියේම අසතුට පළකිරීමෙන් ජනපතිවරයා වරදවා තේරුම් ගැනීමට ජනතාවට ඇති ඉඩකඩ වැඩිය.අනෙක් අතට මාධ්‍යද එය තේරුම් ගන්නේ මේ ජනපතිවරයාද අවශ්‍ය තැනෙහිදී විවේචනය කළ නොහැකි පුද්ගලයෙකු ලෙසය.මෙනිසාවෙන්ම ඔවුන්ද ජනපති සිරිසේන හා හිටපු ජනපතිවරුන් අතර වෙනසක් නොදකින තත්්ත්වයකට ක‍්‍රමයෙන් පත්වනු නොවැළැක්විය හැකිවනු ඇත.
මාධ්‍ය නොව මේ දිනවල ජනපතිවරයා අරක් ගෙන සිටින්නේ තමන් නායකත්වය දරන ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ ගැටලූය.පක්ෂයේ සාමාජිකයින් 19 ඒ ව්‍යවස්ථා සංශෝධනයට හෝ 20 ඒ ව්‍යවස්ථා සංශෝධනයට සහයපළ නොකළහොත් ඔහුට පාර්ලිමෙන්තුව විසිරුවා හැර මැතිවරණයක් කැදවීම මිස කළ හැකි වෙනත් දෙයක් නොමැත.පක්ෂයේ සාමාජිකයින් පක්ෂ නායකයා වන ජනපති සිරිසේනගේ කීමට පිටින් ගියහොත් ඔහුට කවර ඉරණමක් අත්වේද? ඔහු රූකඩ නායකයෙක් බවට පත්වේවිද? ඔහුගේ කීම නාහන මන්තී‍්‍රවරුන්ට එළැඹෙන පාර්ලිමෙන්තු මැතිවරණයේදී පක්ෂයෙන් නාමයෝජනා ලැබෙනු ඇතැයි සිතිය නොහැක.එවැනි අවස්ථාවකදී ඔවුන් හිටපු ජනපතිවරයා,මහින්ද රාජපක්ෂ මහතා වෙත ගොස් නව පක්ෂයක් තනාගෙන මැතිවරණයට ඉදිරිපත් වේවිද? මෙම සිතුවිල්ලද ජනපතිවරයාට වද දෙමින් සිටිනවාට සැක නැත.එය ශී‍්‍රලංකා නිදහස් පක්ෂයට කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂයටනම් වාසියකි.නමුත් හිටපු ජනපතිවරයාට තවමත් හිමි ජනතා ප‍්‍රසාදය නිසාත්,වත්මන් රජයේ කටයුතු දිනපතාම ජනතාව අතර අප‍්‍රසාදයට ලක්වෙමින් තිබෙන නිසාත් මහින්ද රාජපක්ෂ නව පක්ෂයක් තනාගෙන මැතිවරණ පිටියට පැමිණියහොත් ජයග‍්‍රහණය කිරීම එක්සත් ජාතික පක්ෂයට හෝ ශී‍්‍රලංකා නිදහස් පක්ෂයට හෝ පහසු පහසු දෙයක් නොවනු ඇත.

