ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා පෙරමුණ සංවිධානය කළ උත්සවයක් හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ ඩාර්ලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානයේදී පැවැත්විණි.
කාන්තා පෙරමුණේ සභාපතිනි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ හා ජනපති දියණි චතුරිකා සිරිසේන මහත්මීහුද එහි වූහ.
පාර්ලිමේන්තුව ඇතුළු මෙරට පළාත් පාලන ආයතන සඳහා ශ්‍රීලනිප කාන්තා නියෝජනය 25%ක් දක්වා වැඩි කරගැනීම, ස්ත්‍රී හා ළමා දූෂකයන්ට නීතියෙන් දැඩි දඬුවම් ලබාදීමට නීති සකස් කරගැනීම ඇතුළු යෝජනා කීපයක්ද එහිදී සම්මත විය.





