ශ්‍රීලනිප සභාපතිකම මෛත්‍රීට : මහින්දත් එකඟ වෙයි


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පදවිය හිමි කිරීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එකඟ වීයැයි  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි කියයි.

මෑත දී ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ කොටසක් සිරිසේන ජනපති  සභාපති පදවියට පත් කළ අතර, ඩාලි පාරේ පක්ෂ මූලස්ථානයට මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු පිරිසක් ඔහු සභාපති පදවියට තෝරා පත් කර ගත්හ.

එහෙත් පක්ෂ සභාපතිවරයා විය යුත්තේ ජනපති ධුරය දරණ තැනැත්තා බව මහින්ද රාජපක්ෂ මහතා ජනපති සමයේ පක්ෂ ව්‍යවස්ථාව සංශෝධණය කැරිණි.

ඉදිරි මැතිවරණයේ දී පක්ෂයක් ලෙස ඊට මුහුණ දිය යුතු බවත්, පක්ෂයේ ඉදිරි ගමන ගැන සාකච්ඡා කිරීමට සිකුරාදා (15) මධ්‍යම කාරක සභාව රැස්වනු ඇති බවත්, පක්ෂයෙන් වෙන්ව ගිය මන්ත්‍රීවරුන් ද ඊට පැමිණෙතියි අපේක්ෂා කරන  බවත් එම ආරංචි කියයි.