(විනීතා එම්. ගමගේ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින රැලිය මහනුවර දී පැවැත්වීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.
රැලිය මහනුවර නගරයේ දී පැවැත්වීමටත්, පෙළපාලිය ගැටඹේ සිට ආරම්භ කිරීමටත් මධ්‍යම කාරක සභාවේ දීර්ඝ සාකච්ඡාවකින් පසු තිරණය කළ බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති හා මැයි දින කමිටුවේ සභාපති, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය අමතා ප‍්‍රකාශ කළේය.
පක්ෂයේ සභාපති ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන රැලිය පිළිබඳ පක්ෂය හා සම්බන්ධ සංවිධාන, වෘත්තිය සමිති, හා අනෙක් සංවිධාන දැනුවත් කරමින් සිටින බව ද සිරිපාල මහතා කීය.

