ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් එජාපයට ගන්න පෙර මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය සොයයි


අංජුල මහික වීරරත්න‍
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩබල් ගේම්කරුවන් කුමන්ත්‍රණකරුවන් කිසිවෙකුත් නව රජයට එකතු කර ගන්නේ නැතැයි ද එම පක්ෂයේ මන්ත්‍රීවරුන් සම්බන්ධ කර ගන්නේ නම් එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී මණ්ඩලයේ පූර්ණ අනුමැතිය ලබාගන්නැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.


නව රජයේ ඇමැති මණ්ඩලය 30කට සහ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය 40කට සීමා කිරීමට උපරිම උත්සාහය ගන්නා බව කී මන්ත්‍රීවරයා ඇමැති සංඛ්‍යාව 35 දක්වා ඉහළ දමන්නට සිදු වුවහොත් පාර්ලිමේන්තු යෝජනා සම්මතයකින් එය කරන්නට හැකියාව තිබෙන බවද පැවසීය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 20 ක පමණ කණ්ඩායමක් රජයට එක් වීමට සාකච්ඡා කර ඇතත්  කණ්ඩායමක් ලෙස එම පිරිස ගැනීමට එක්සත් ජාතික පෙරමුණ ප්‍රතික්ෂේප කර ඇති අතර තනි තනිව එන අය සම්මුඛ පරීක්ෂණයකට ලක් කර රජයට එක්කර ගැනීමට හැකියාවක් තිබෙන බව කීය.


කොළඹ අරලියගහ මන්දිරයේ අද (17) පැවති මාධ්‍ය හමුවකදී නලින් බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.

ඡායාරූපය - ජයමාල් චන්ද්‍රසිරි