ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් පහක් දොට්ට


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනකු ඉවත් කර ඇතැයි දේශපාලන ආරංචි කියයි.

සාලින්ද දිසානායක, එස් එම් චන්ද්‍රසේන, බන්දුල ගුණවර්ධන, ටී බී ඒකනායක සහ රෝහිත අබේගුණවර්ධන ඔවුහුය.

හිටපු ඇමැති ටී බී ඒකනායක මහතා පැවසුවේ පසුගිය පස් වැනි දා මධ්‍යම කාරක සභාවේදී ගත් තීරණවලට පිටින් කටයුතු කිරීම නිසා තනතුරු අත්හිටුවන බව සඳහන් ලිපියක් ලැබුණු බවයි.