ශ්‍රීලනිප භික්ෂු සංවිධානයට පක්ෂය එපා වෙයි


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක  පක්ෂය දිය කිරීමේ වෑයමක නිරත වී සිටින බව එම පක්ෂයේ භික්ෂු සංවිධානයේ සභාපති රැකව ජිනරතන හිමියෝ අද (28) ප්‍රකාශ කළහ.

දුමින්ද දිසානායක මහතා ඇතුළු කණ්ඩායම දිගින් දිගටම මේ ආකාරයෙන් කටයුතු කළහොත් ඉදිරියේදී වෙනම භික්ෂු පෙරමුණක් ලෙස කටයුතු කරන බව ද ජිනරතන හිමියෝ කීහ. 

කොළඹ පුංචි බොරැල්ල ශ්‍රී වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් භික්ෂු සංවිධානයේ මාධ්‍ය හමුවක් අමතමින් ජිනරතන හිමියෝ එම කරුණු පැවසූහ.

අද වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයන් නොසලකා හැර ඇතැයි ද ඔවුන් දැඩි කනස්සල්ලට පත්ව ඇතැයි ද ජිනරතන හිමියෝ එහිදි කීහ.