ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු අතර හමුවක් අද (22) ජනාධිපති මන්දිරයේ දී සිදු විය.
වත්මන් දේශපාලන කටයුතු සහ පළාත් සංවර්ධන කටයුතුවල කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගැනීම පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වූ බවත් ඒ පිළිබඳ ආසන සංවිධායකවරුන් අදහස් සහ යෝජනා රැසක් ඉදිරිපත් කළ බවත් වාර්තාවේ.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හිටපු අග‍්‍රාමාත්‍ය දී.මූ ජයරත්න, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා යන පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන් සහ ආණ්ඩුකාරවරුන්, පළාත් ප‍්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.

