ශ්‍රීලන්කන් අලුත් සාමාජිකය මංගල ගමනේ


(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ  අලුතෙන් මිළදී ගත් එයාර් බස් ඒ.330 - 200 ගුවන් යානය , මංගල ගුවන් ගමන , මාළදිවයින මාළේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා අද පියාසර කළ බව ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය .

පුළුල් බද සහිත මෙම නවතම එයාර් බස් ඒ.330 - 200 ගුවන් යානය ඉකුත් 06/04 දින උදෑසන ප්‍රංශයේ එයාර් බස් ගුවන් යානා නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .