ශ්‍රී පාදස්ථානයේ නව සෙල්මුවා දොළොස්මහේ පහන හා ඝණ්ඨාර කුලුන තැන්පත් කිරීම අද උදෑසන නැකතින් සිදු විය.
පැල්මඩුල්ලේ රූප අරුණ පරිවේණාධීපති තල්ගස්කන්දේ වජිර ශ්‍රී පාද භාරකාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් චාරිත්‍රානුකූලව එම කටයුතු සිදු විය.
එම භාණ්ඩ නල්ලතන්නියේ සිට ශ්‍රීපාද මළුවට රැගෙන එම් අයි 17 හෙලිකොප්ටරය අද උදේ වන විට ගමන් වාර එකොළහක් පියාසර කැර ඇත.
මීදුම හා දැඩි සුළඟ නිසා ඉතිරි ගමන්වාර පහේ මෙහෙයුම කල් ගියේය.
දොළොස්මහේ පැරැණි පහන තිබු ස්ථානයේදීද ඝණ්ඨාර කුලුන ඒ අසලින්ද පිහිටියේය.
ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාල කුලපති නා හිමියන්ගේ අනුශාසනා පරිදි මේ කටයුතු සිදු විණි.
\