ප‍්‍රවීන රංග ශිල්පී ශ්‍රීනාත් මද්දුමගේ නිරන්තරයෙන් සිනමා නිර්මාණවලට සහ වෙනත් නිර්මාණවලට දායක වුවද ඔහු පදිංචිව සිටින්නේ ඔස්ටේ‍්‍රලියාවේය. ජීවිතයටත් වඩා කලාවට ආදරය කරන කලාකරුවකු ලෙස ඔහුට මේ ශ්‍රී ලංකා භූමියෙන් ඈත්ව සිටීම වේදනාකාරී අත්දැකීමක් විය හැකිය. එහෙත් කලාකරුවකු ලෙස ඔහු එරටදීද නිරන්තරයෙන් සක‍්‍රීයව සිටින කලාකරුවෙකි. එරටදී පැවැත්වෙන විවිධ ප‍්‍රසංග සහ කලා අංශයේ ප‍්‍රසංගවලට ඔහු නැතිවම බැරි චරිතයක්ව සිටී. රැුඟුමෙන්, ගැයුමෙන් මෙන්ම කලා අංශයේ බොහෝ දේ කෙරෙහි ඔහු සතු හැකියාව ඊට හේතුවය. ශ්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර වූ සංස්කෘතික බැඳීම උදෙසා, එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසකගෙන් සමන්විත AUSC සංවිධානය මෙහෙයවන සංස්කෘතික කටයුතුවලටද ඔහු නිරන්තරයෙන් දායකත්වය ලබා දෙන්නේය.
ශ්‍රීනාත් මේ සියලූ දේ කරන්නේ එරටදී ඔහු නියැලෙන රැුකියාවට අමතරවය. එරට ප‍්‍රකට පීටර් මැකලම් රෝහලේ වගකිිව යුතු රැුකියාවක නිරත වන්නේය. නමුත් ඔහුට ලැබෙන ඕනෑම ආරාධනාවකට සහභාගීවීමට තරම් ඔහු නිහතමානී චරිතයක්ව සිටී. එනිසාම ශ්‍රී ලංකාවේදී ලැබෙන ජනප‍්‍රියත්වයේ තරමටම ඔහු එරටදීද ශ්‍රී ලාංකීය ජනතාව අතර ජනප‍්‍රිය චරිතයක්ව සිටින්නේය. ඔහු සේවය කරන රෝහලේ සමස්ත කාර්ය මඩුල්ල අතරද ඔහු වඩා ආදරණීය චරිතයකි.
කලාකරුවකු ලෙස කා සමගත් සුහදව කටයුතු කරන ශ්‍රීනාත් මෙරට සිට විවිධ කලා කටයුතු සහ ප‍්‍රසංග සඳහා ඔස්ටේ‍්‍රලියාවට යන කලාකරුවන් වෙනුවෙන්ද නොපැකිළිව උදව් කරන චරිතයකි. එලෙසින් එරටට යන බොහෝ කලාකරුවන් බොහෝ අවස්ථාවලදී නවාතැන් ගත්නේද ඔහුගේ නිවසේදීය.
ශ්‍රීනාත්ගේ ඔස්ටේ‍්‍රලියා නිවස,
ශ්‍රීනාත්ගේ ඔස්ටේ‍්‍රලියාවේ නිවස පිහිටා තිබෙන්නේ මෙල්බර්න් සිට කිලෝමීටර් තිහක පමණ දුරකිනි. ප‍්‍රවාහන සේවයෙහි ඇති පහසුකම නිසා ඒ කිලෝමීටර තිහක පමණ දුර යාමට ගත වන්නේ මිනිත්තු කීපයක් පමණි. මෙම නිවසේ ප‍්‍රධාන චරිතය වන්නේ ශ්‍රීනාත්ගේ ආදරණීය බිරිඳ ශ‍්‍රියානිි ජයවික‍්‍රමය.
උපාධිධාරිනියක වන ඇය මෙරටදී කටයුතු කළේ පරිපාලන ක්ෂේත‍්‍රයේය. එම ක්ෂේත‍්‍රයේ දැනුමින් පොහොසත් වූ ඇය එරටදී කටයුතු කරන්නේ දුම්රිය ස්ථානාධිපතිවරියක ලෙසය. එරට දුම්රිය ස්ථානයක සේවය කරන එවැනි තනතුරක් දරණ එකම තැනැත්තිය වන්නීය. ශ‍්‍රියානි සහ ශ්‍රීනාත්ගේ කැදැල්ල හැඩ කරන පුංචි සුරංගනාවිය වන්නේ ”චමත්කා” දියනියයි. සරසවි ඉගෙනුම ලබන ඔවුන්ගේ ඥාති පුතු චලනද බෙහෙවින්ම ප‍්‍රියමනාප චරිතයකි. මේ සුන්දර නිවස ගැන ශ්‍රීනාත් අදහස් ගොනු කළේ මෙලෙසිනි.
‘‘මේ පළාත අප දෙදෙනාගේම රාජකාරී සඳහා යාමට පහසු තැනැක්. හරිම නිස්කලංක පරිසරයක් මෙහි තිබෙන්නෙ. මෙතැනට අපි හරිම ආසයි. හැබැයි ඉතින් මේ වගේ නිවසක් මිලදී ගන්න එක හෝ තනන එක එතරම් ලෙහෙසි දෙයක් නෙවෙයි. නමුත් අපි දෙදෙනාගේ දැක්ම සහ ගමන මත අපට ඒ දේ කළ හැකි වුණා. අපේ පුංචි සුරංගනාවිය අපි දෙන්නගෙ කැදැල්ලට ආවෙත් මේ සුන්දර නිවසට ආවට පස්සෙයි.”
පුංචි කලාගාරයක් බඳු මෙම නිවසෙහි ප‍්‍රධාන නිදන කාමර තුනක් සහ අමුත්තන් සඳහා වූ කාමරයක් මෙන්ම පුංචි සිනමා ශාලාවකින් සමන්විත කාමරයක්ද තිබේ. එම පුංචි සිනමා ශාලාව සහිත කාමරයේ පුංචි පුස්තකාලයක්ද ඇත. නවීනතම තාක්‍ෂණය යොදා ගෙන ඇති නිසා මෙම පුංචි සිනමා ශාලාවේ සිට සුව පහසුවට චිත‍්‍රපටයක ආස්වාදය ලැබිය හැකිය. ශ්‍රීනාත් සහ ශ‍්‍රියානි සතු මෙම සුන්දර නිවසේ විස්තර දැක බලා ගන්නා අතරේ අපි මේ දෙදෙනාගේ ආදර කතාව ගැනත් විමසීමු.
ශ්‍රීනාත්-ශ‍්‍රියානි ආදර හමුව,
”අනූව දශකයේ අන්තිම කාලයේදී එවකට මම සේවය කළ ආයතනය විසින් මෙහෙයවනු ලැබූ ප‍්‍රදර්ශනයක් තිබුණා. එදා තමයි මම ශ්‍රීනාත්ව මුලින්ම දැක ගත්තෙ. හැබැයි ඊට පෙර එයා ගැන මම අහලා තිබුණා. ඒත් එයා රඟපෑ දේ වැඩිය නරඹා තිබුණෙ නැහැ. එදා ප‍්‍රදර්ශනයෙන් පස්සෙ අපි හොඳ මිතුරන් වුණා. කොහොමද? හලෝ? කියලා නිරන්තරයෙන්ම අපිxඅපි ගැන විමසන්නට, සොයන්නට පටන් ගත්තා. ඔන්න ඔය විදියට මාස ගණනක් ගත වෙද්දී, මම මගේ උසස් අධ්‍යාපන කටයුතු එහෙමත් හමාර කරලයි තිබුණෙ. ඉතින් දවසක්දා ශ්‍රීනාත් එයාගේ හිතේ තිබුණු දේ ප‍්‍රකාශ කළා. එයා මට ඇත්තටම ආදරය කරනබව මට දැනුණා. ඒ වනවිටත් මට ඔස්ටේ‍්‍රලියාවේ ජීවත්වීමේ අවකාශය තිබුණා. නමුත් ශ්‍රීනාත් ඒ කිසිවක් දැනගෙන හිටියෙ නැහැ. එයා මගේ අධ්‍යාපනයට හෝ අනෙකුත් වරප‍්‍රසාදවලට නොවෙයි ආදරය කළේ. අන්න ඒකයි වටින්නෙ. ඉතින් එයා එයාගේ හිතේ තිබුණු දේ ප‍්‍රකාශ කළාට පස්සෙ මම හා කිව්වා. අපි ඉක්මණටම විවාහ වුණා. විවාහ වෙලා කාලයක් ගියාට පසුව චමත්කා අපේ ලෝකෙට ආවා. ඉතින් ජීවිතය සුන්දරයි කියලයි හිතෙන්නෙ. ජීවිතය ආදරණීයයි කියලයි හිතෙන්නෙ. වැදගත්ම දේ ශ්‍රීනාත් මට දක්වන ගෞරවයයි”




















