ශ්‍රීධරන්ට එරෙහිව නීති විරෝධී වත්කම් පැමිණිල්ලක්


(යොහාන් භාසුර)

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතාගේ වත්කම් පිළිබඳව පරීක්‍ෂණයක් කරන ලෙස සිවිල් බුද්ධි පෙරමුණ නීති විරෝධී වත්කම් ඒකකයට පැමිණිල්ලක් කළේය.

සිවිල් බුද්ධි පෙරමුණේ සභාපති සංජය මහවත්ත මහතා මෙම පැමිණිල්ල කරමින් එස්. ශ්‍රීධරන් මහතාගේ බිරිඳ, දියණිය සහ සහෝදරයාගේ නමින් ඇතැයි කියන අයිස්ක්‍රීම් වෙළෙඳසැල්, සුපිරි වෙලෙඳසැල් සහ මත්පැන්හල් පිළිබඳ ලැයිස්තුවක් ද නීති විරෝධී වත්කම් ඒකකයට භාරදුන්නේය.

උතුරු නියෝජනයකරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට එරෙහිව මෙවැනි පැමිණිල්ලක් කළ පළමු අවස්ථාව මෙය බවත් දෙමළ ජනතාවගේ නියෝජිතයෙක් මෙන්ම දේශපාලනයට පැමිණීමට පෙර ගුරුවරයෙක් වන එස්. ශ්‍රීධරන් මහතා විශාල දේපළ තොගයක් රැස්කරගෙන ඇති බවත් එම පැමිණිල්ල භාරදීමෙන් පසුව සමාජක්‍රියාකාරී සංජය මහවත්ත මහතා කීය.