ශ්‍රී ලාංකිකයෙක් ධනුෂ්කොඩියේදී අත්අඩංගුවට


මුහුදු මාර්ග ඔස්සේ නීතිවිරෝධී ලෙස ඉන්දියාවට පැමිණි ශ්‍රී ලාංකිකයකු තමිල්නාඩුවේ ධනුෂ්කොඩි වෙරළ තීරයේදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි චෙන්නායිහි තානාපති ආරංචි මාර්ග පවසයි.
ආගමන විගමන නීති රෙගුලාසි උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ මොහු ඉන්දීය පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ. ජාවාරම්කරුවන්ට ශ්‍රී ලංකා රුපියල් 60,000 ක් ගෙවා ඉකුත් 12 වැනිදා  මන්නාරාම පේසාලේ ප‍්‍රදේශයේ සිට ධීවර බෝට්ටුවකින් ඉන්දියාවට ගොස් ඇති මෙම තැනැත්තා තමිල්නාඩුවේ මදුරෙයි හි සරණාගත කඳවුරක ජීවත් වූ බවද පොලිසියට පවසා ඇත.
ආගමන විගමන නීති රෙගුලාසි උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ ඔහු සඳුදා (16) චෙන්නායි මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.  ඔහුට එරෙහි පැමිණිල්ල විභාග කරන තුරු පූසාල් හි මධ්‍යම බන්ධනාගාරයේ රඳවා තැබෙනු ඇත.