ශ්‍රී ලාංකිකයෙක් කුවේටයේ ගොඩනැගිල්ලකින් පනී


කුවේටයේ හවාලී හි මහල් නවයකින් යුතු නිවාස සංකීර්ණයකින් ලාංකිකයකු බිමට පැන ඇතැයි විදෙස් ආරංචි මාර්ග පවසයි. බිමට ඇද වැටීමෙන් ඇතිවූ තුවාල හේතුවෙන් ඔහු මියගිය බවද වාර්තා වේ.
 
තම බිරිඳ සමඟ ඇතිවු බහින් බස්වීමක් දුරදිග යාමෙන් සැමියා සිය බිරිඳට දරුණු ලෙස පහර දී කිහිප සැරයක්ම පිහියෙන් ඇන ඇති බව කුවේට් ටයිම්ස් වාර්තා කරයි.
 
සිද්ධියෙන් සැමියා මිය ගොස් බිරිඳ කුවේටයේ මුබාරක් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.
 
ආරක්ෂක අංශ පවසන පරිදි අසල්වාසීන් ආරවුලට සවන් දුන් බවත් මොවුන්ගේ ශබ්දය නෑසෙන විට පහරදීම නැවතුණු බව ඔවුන් සිතූ බවයි.
 
 
(28535)