සෞදි අරාබියේ රියාද් සිට කිලෝ මීටර් 1200 පමණ දුරකින් පිහිටි අභා ප්‍රදේශයේ පේස්ට්‍රි කඩයක රැකියාව කරන ලද මොහොමඩ් සම්ස්හුල් සාමාන් නමැති ශ්‍රී ලාංකිකයෙකි,අද පළවූ සෞදි පුවත් පතක වාර්තාවකට අනුව සිද්ධිය මෙසේයි.
සෞදි අරාබියේ අභා නගරයේ සිට කිලෝමීටර් 50 ක් පමණ දුරින් පිහිටි මුහායෙල් ප්‍රදේශයේ වයස අවුරුදු 10 ක පමණ සෞදි ජාතික දරුවෙකු විසින් පැදැවුණූ මෝටර් රථයකට යටවී ශ්‍රී ලාංකිකයෙක් මරුමුවට පත් විය.
පේස්ටි කඩයක සේවය කළ සම්ස්හුල් සාමාන් පාර මාරු වෙද්දී මරණයට පත්වී ඇත .
මෙම මරණය පිලිබදව දැනටමත් පොලිස් පරීක්ෂණ සිදුවෙමින් පවතින බව ජෙඩා කොන්සියුලර් කාර්යාලය කියයි.
කෙසේ වුවද ශ්‍රී ලංකාවේ ඔහුගේ ඥාතීන් හට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන්ගේ කැමැත්ත මත මෘතදේහය මුහයිල් ප්‍රදේශයේ මිහිදන් කිරීමට ජෙඩා කොන්සියුලර් කාර්යාලය පියවර ගෙන ඇත.

