ශ්‍රී ලාංකිකයන්ටත් සී ෂෙල්ස්හි ධීවර රැකියා


සී ෂෙල්ස් රටෙහි ධීවර ක්ෂේත්‍රයේ පවතින රැකියා සදහා වැඩි අවස්ථාවක් ශ්‍රී ලාංකිකයන්ට ලබා දීමට එරට මහකොමසාරිස් ඩේවිඩ් පියරේ මහතා කැමැත්ත පළ කර තිබේ.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සහ සී ෂෙල්ස් රාජ්‍යයේ මහකොමසාරිස් ඩේවිඩ් පියරේ මහතා අතර අද (31) පැවති සාකච්ජාවකදී පියරේ මහතා ඒ බව පවසා ඇත.
දෙරටේ ධීවර කර්මාන්තය සඳහා දැනුම හුවමාරු කරගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද එරට ධීවර ක්ෂේත්‍රයේ විද්වත් දැනුමද ශ්‍රී ලංකාවට ලබාදීමට පියවර ගන්නා බව මහ කොමසාරිස්වරයා පැවසීය.