ශ්‍රී ලාංකිකයන්ට සිංගප්පූරුවේ හෙද රැකියා


(යොහාන් භාසුර)

ශ්‍රී ලාංකික පුහුණු හෙද හෙදියන්ට සිංගප්පූරුවේ රජයේ රෝහල්වල රැකියා සඳහා යොමු වීමට අවස්ථාව හිමිව තිබේ.

හෙද වෘත්තිය පිළිබඳ උපාධියක් හෝ ඩිප්ලෝමාවක් සහ සේවා පළපුරුද්දක් ඇති වෘත්තිකයින්ට මෙන්ම රජයේ හෙද පාසල්වල පුහුණුව ලබා සේවා පළපුරුද්දක් සහිත  හෙදියන්ට ද සිංගප්පූරු රජයේ රෝහල්වල හෙද වෘත්තිය සඳහා ප්‍රවේශ වීමට හැකිය.

සිංගප්පූරු රැකියා සඳහා සුදුසුකම් සම්පූර්ණ කර රැකියා ලැබූ පළමු කණඩායමට අයත් හෙද හෙදියන් 36 දෙනෙකුට ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රදානය කළේය.

ගාස්තුවකින් තොරව එම රැකියා සඳහා ප්‍රවේශ වීමට අයදුම්කරුවන්ට අවස්ථාව ලැබෙන අතර අයදුම්කරුවන් සිංගප්පූරු රාජ්‍යයේ හෙද මණ්ඩලය පවත්වන සුදුසුකම් ලැබීමේ පරීක්ෂණයෙන් සමත් විය යුතුය.

ඉන් සුදුසුකම් ලබන හෙද වෘත්තිකයින්ට වසර දෙකක ගිවිසුම් ගත කාලයක් සඳහා මසකට රුපියල් ලක්ෂ තුන හමාරත් ලක්ෂ පහ අතර වැටුප් ලැබීමට හැකි බව අදාළ බඳවා ගැනීම් සිදුකරන මෙරට රැකියා නියෝජිත ආයතනය පවසයි.  

සිංගප්පූරුවේ හෙද වෘත්තිය සඳහා ගාස්තුවකින් තොරව ප්‍රවේෂවීමට අයදුම්කරුවන්ට අවස්ථාව හිමිවන අතර ඒ සඳහා www.emeraldislemanpower.com යන වෙබ් අඩවියට පිවිස අයදුම් කළ හැකියි.