සෝමාලියා මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගනු ලැබූ නෞකාවට වෙඩි නොතබන ලෙසත් එහි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙසත් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න සෝමාලියානු ආරක්ෂක අංශ වෙත ඉල්ලීමක් කර ඇත.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත නාවික හමුදාපතිවරයා බහරේන්හි ඒකාබද්ධ නාවික බළකාය මාර්ගයෙන් සෝමාලියානු ආරක්ෂක අංශය වෙත මෙම දැනුම්දීම කර තිබේ.
නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නැයි ද නාවික හමුදාපතිවරයා එරට ආරක්ෂක අංශයෙන් ඉල්ලා ඇත.

