ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 8 කට විශාදය


(විනීතා එම් ගමගේ)

ශ‍්‍රී ලාංකිකයන් අට ලක්ෂයකට අධික පිරිසක් විශාදය නම් වූ මානසික රෝග තත්ත්වයෙන් පෙළෙන බව ඇස්තමේන්තු ගත දත්ත පෙන්වා දෙන බව කොතලාවල ආරක්ෂක සේවා විශ්ව විද්‍යාලයේ ජ්‍යෙශ්ඨ කථිකාචාර්ය  මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නීල් ප‍්‍රනාන්දු මහතා ප‍්‍රකාශ කරයි.
  
මෙයින් අති බහුතරය ප‍්‍රතිකාරවලින් තොරව ජීවත් වන බව මේ සම්බන්ධව කළ අධ්‍යයනවලදී හෙළිවී ඇතැයි පැවැසේ.විශාදය හේතුවෙන් ආසාදන, හෘද රෝග, පිළිකා, ආබාධිතවීම්,මෙන්ම සිය දිවි නසා ගැනීම් ද ඇතිවිය හැකි යැයි වෛද්‍යවරයා පවසයි.

2020 වසර වන විට, මෙකී රෝග තත්ත්වයන් වැළඳිමට ප‍්‍රධාන හේතුව බවට විශාදය  පත් වනු ඇතැයි ද ප‍්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි. ඒබ‍්‍රහම් ලින්කන්, එඞ්වින්  ඕල්ඞ්රීන්, බීතෝවන් මෙන්ම ඩයනා කුමරිය වැනි අති ප‍්‍රසිද්ධ, චරිත තමන්ට විශාදය වැලඳී තිබු බවට ප‍්‍රසිද්ධියේ පිළිගෙන ඇතැයි ද වෛද්‍යවරයා කියයි.