ශ්‍රී ලාංකිකයකුට එතෙරදී ස්ත්‍රී දූෂණ චෝදනා


පැපුවා නිව්ගිනියාවට අයත් මානුස් දූපත් හි තරුණ කාන්තාවක් දූෂණය කළේ යැයි චෝදනා මත එම දූපත් සමූහයේ සරණාගත කඳවුරු රැඳවුම් භාරයේ සිටින ශ්‍රී ලාංකිකයෙකුට එරෙහිව නඩු පවරනු ලැබ ඇතැයි ‘‘ ද ගාඩියන් ’’ පුවත්පත වාර්තා කරයි.
මෙලෙස චෝදනා ලැබ ඇත්තේ රජීව් රාජේන්ද්‍රන් නැමැති ලාංකික දෙමළ ජාතිකයෙකි.මොහු අතින් දූෂණයට ලක්වූවා යැයි පැවසෙන්නේ මානුස් දූපත් සමූහයේ වෙසෙන 18 හැවිරිදි තරුණියකි.
සැකකාර ශ්‍රී ලාංකිකයා ඉකුත් 17 වැනිදා මානුස් දූපත් හි ලොරෙන්ගාව් ප‍්‍රදේශයේදී අදාළ කාන්තාව මුණ ගැසී ඇය සමඟ මිතුරු වී  තිබේ. පසුව ඇයව හෝටලයක් වෙත රැගෙන ගොස් ඇයට පහර දී දූෂණය කර ඇත.