ශ්‍රී ලාංකික සිසුවා ත්‍රස්ත චෝදනාවෙන් නිදහස්


අයි එස් ත්‍රස්තවාදීන්ට සම්බන්ධ බවට චෝදනා ගොනු කරමින්  ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සිසුවකු වන මොහොමඩ් කමාර් නිසාම්ඩීන්  ත්‍රස්ත චෝදනාවෙන් නිදහස් කිරීමට  ඕස්ට්‍රේලියානු පොලීසිය කටයුතු කර ඇතැයි එරට මාධ්‍ය  වාර්තා කරයි.


ආචාර්ය උපාධි  අපේක්ෂකයකු  වන  25 හැවිරිදි  මොහොමඩ් කමාර්  ත්‍රස්තවාදීන්ට සම්බන්ධ යැයි   චෝදනා ලබමින් පසුගිය සැප්තැම්බර් මස 28 වැනිදා  අත්අඩංගුවට ගෙන තිබුණි. මාසයකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඔහු එම චෝදනා ඔප්පු කර ගැනීමට නොහැකි වීමෙන් ඇප ලබා ඇත.
 
ඔස්ට්‍රේලියානු  දේශපාලනඥයින් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළාය යන්න ඔහුට එරෙහිව  නඟා තිබු චෝදනාවයි.
 
ඔහුට එරෙහිව  ගොනු කළ චෝදනා  ඔප්පු  කර ගැනීමට නොහැකි වූ නිසා ඔහු මුදා හැරියද එමගින් ඔහුට හා ඔහුගේ පවුලේ අයට සිදු වු හානිය හේතුවෙන් ඊට එරෙහිව වන්දි සහ මෙතෙක්  ඔහුට වියදම් වු  නීතීඥ ගාස්තු ඉල්ලා නඩු පැවරීමට කටයුතු කරන බව ඔහුගේ නීතීඥවරයා  සඳහන් කර ඇත.


(36698)