කුවේටයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික කාන්තාවකට එරටදී ක‍්‍රිඩා ඇඳුම් ඇඳගත් නාඳුනන පුද්ගලයෙකුගෙන් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි කුවේට් තානාපති ආරංචි මාර්ග කියා සීටී.
මෙලෙස නාඳුනන පුද්ගලයෙකු ගේ ප්‍රහාරයකට ලක්ව ඇත්තේ කාලයක සිට කුවේට් හි ජහරා නගරයේ සේවය කරන 46 හැවිරිදි කාන්තාවකි.
ඇය සේවය කරන ස්ථානයේ භාරකරු සමග මේ පිළිබඳ පොලීසියට පැමිණිල්ලක් කළ බව ද වාර්තා වෙයි. ජහරා ප්‍රදේශයේ මෙලෙස කාන්තාවන්ට හිරිහැර කිරීමේ සිද්ධීන් ගණනාවක් වාර්තා වී තිබිණී.

