ශ්‍රී ලන්කන් ගුවන් සේවයට බෙල්ජියම් ගුවන් යානා දෙකක්


 

(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින වත්මන් ගුවන් යානා හිගයට පිළියමක් වශයෙන් බෙල්ජියම් ගුවන් සේවයේ ගුවන් යානා දෙකක්තා වකාලිකව කුළී පදනම මත ලබා ගෙන සේවයට එක් කර තිබේ .

ඒ.- 330 - 200 වර්ගයේ එයාර් බස් වර්ගයේ මෙම ගුවන් යානා පැදවීම ද බෙල්ජියම් ගුවන් සේවා නියමුවන් විසින් සිදු කෙරේ .

 මෙම ගුවන් යානා තුළ ව්‍යාපාරික පංතියේ ආසන 22 ක් සහ පිරිමැසුම්දායක  ( Economy ) පංතියේ ආසන 240 ක් තිබේ .

 මීට අමතරව ෆිට්ස් එයාර් ගුවන් සේවයේ ඒ.320 වර්ගයේ ගුවන් යානයක් ද ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් තාවකාලිකව කුළී පදනම මත ලබා ගෙන සේවයට එක් කර තිබේ .