ශ්‍රී ලන්කන් ගුවන් සේවය සහ මිහින් ලංකා ගුවන් සේවය වැනි රජයේ ආයතන මිලදී ගැනීමට පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සැලසුම් කර තිබූ බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.
මාධ්‍ය හමුවක් අමතමින් මහාචාර්ය ජී.එල් පීරීස් මහතා පැවසූයේ එම සමාගම රජයට අයත් මහා පරිමාණ ආයතන මිලදී ගැනීමට උත්සහ ගන්නා බවයි.
විශාල මතබේදයකට හේතු වූ මහබැංකු බැඳුම්කර සිද්ධියට මැදි වී සිටින එම ආයතනය වෙනත් ආයතනයක් හරහා මෙම මිලදී ගැනීම් කිරීමට උත්සහ ගන්නා බවද ඒ මහතා පැවසීය.
රාජ්‍ය ව්‍යවසාය හා ව්‍යවසායකත්ව නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමසිංහ මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණේ එම ගුවන් සේවාවන් නැවත ගොඩනැගීමේ කාර්යයේ නිරත වීමට වඩාත් සුදුසු ආයතන තුන වන්නේ පීස් ගුවන් සේවය,ටෙක්සාස් පැසිෆික් සමූහය හා සුපර් ගෘප් පාට්නර්ස් යන ආයතන තුන බවයි. මින් වඩාත්ම සුදුසු ටෙක්සාස් පැසිෆික් සමූහය බව ද ඒ මහතා කීවේය.
මේ අතර ටෙක්සාස් පැසිෆික් සමූහය පර්පෙචුවල් සමාගම සමග සම්බන්ධයක් ඇති බවට වාර්තා වෙයි.
- 042

