(අජිත්ලාල් ශාන්තඋදය)
ශ්‍රී ලංකාව හැඩය ඇති දුර්ලභ ස්වභාවික නිල් මැණිකක් තමන් මිලදී ගත් බව රත්නපුර නිවිතිගල මැණික් ව්‍යාපාරිකයෙක් අද (26) පැවසුවේය.
මෙම නිල් මැණික තමන් කරවිට මැණික් ගරන තැනැත්තෙකුගෙන් මිලදි ගත් බව එය මිලදි ගත් නිවිතිගල යක්දෙහිවත්ත මැණික් ව්‍යාපාරිකයෙකු වන රොහාන් වසන්ත දිසානායක මහතා පැවසුවේය.
මෙම නිල් මැණික දෙස එකවර බැලුවිට එය පෙනෙන්නේ ලංකාවේ භූමි සැලසුම සහ යාපන අර්ධද්විපය වෙන්ව ඇති ආකාරයයි. මන්නාරමේ පිහිටීමද ඒ ආකාරයෙන්ම දිස්වෙයි. ත්‍රිකුණාමලය මෙන්ම ලංකාවේ සිව් දිසාවම ඒ ආකාරයෙන් දිස් වෙයි.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට එම මැණික් ගල ඉදිරිපත් කර මැණික් හදුනාගැනීමේ පරීක්ෂණ වාර්තාවක් 2024-12-24 දින ලබාගෙන තිබේ.
මෙම මැණික ස්වභාවික කොරන්ඩම් විශේෂයට : අයත් කැරට් 5ග37ක් බරැති නිල් මැණිකක් (BLUE SAPPHIRE) බවත් අන්වීක්ෂ පරීක්ෂණයකට (Microscorp Examination) ලක්කළ විට Feathers and silk ප්‍රතිපලය ලැබි ඇති බවත් මැණික් විද්යාඥයින් වු එම්.ජේ.එම්. ධර්මසේකර සහ ජානක හේමචන්ද්‍ර යන මහත්වරුන්ගේ අත්සනින් යුතු හදුනාගැනීමේ සහතිකයේ දැක්වෙයි.