ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙසින් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17 වැනිදා) තේරී පත්විය.
සෙනසුරාදා (16 වැනිදා) පැවැති ජනාධිපතිවරණයේදී ඡන්ද ගණන් කිරීම් අද පස්වරුවේදී නිමාවට පත්වූ අතර පස්වරු 3.45 ට පමණ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ලෙසින් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කරන ලදි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිව තිබූ ඡන්ද සංඛ්‍යාව 69,24,255 ක් විය. ප්‍රතිශතයක් වශයෙන් එය 52.25 % කි.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා 41.99 %ක ඡන්ද ප්‍රතිශතයකට හිමිකම් කියමින් ඡන්ද 55,64,239 ක් ලබාගැනීමට සමත් විය.
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 4,18,553 ක් ලබා ගනිමින් තෙවැනි තැනට පත්ව ඇති අතර ඔහු ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය 3.16 % කි.
වසර දහයකට පෙර කොටි ත්‍රස්තවාදීන් පරාජයට පත් කළ යුද්ධයේ ප්‍රමුඛ හා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සහෝදරයා ද වෙයි.
ශ්‍රී ලංකාවේ ආගමික අන්තවාදය පරාජයට පත් කර ආරක්ෂාව තහවුරු කරන බවට පොරොන්දු දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය දියත් කළේය. ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වූ ජිහාද් අන්තවාදී ත්‍රස්ත සංවිධානයක් අප්‍රේල් 21 වැනිදා එල්ල කළ එම මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාර මාලාවෙන් 269ක් ජීවිතක්ෂයට පත්වූහ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය සොහොයුරා මෙන්ම එවකට සිටි ආරක්ෂක ලේකම්වරයාද වූ ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එක්ව ආරක්ෂක අංශවලට සාර්ථකව නායකත්වය දෙමින් 37 වසරක සිවිල් යුද්ධය අවසන් කළේය.
විශ්‍රාමික ලුතිනන් කර්නල්වරයකු වන ගෝඨාභය රාජපක්ෂ මහතා “ටර්මිනේටර්” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වේ. ඔහුගේ පවුලේ සාමාජිකයන්ම එම නම පටබැඳ තිබිණි.
055


