ශ්‍රී ලංකාවේ වරාය පද්ධතියේ සංවර්ධනය සඳහා ආයෝජනය කිරීමට නෝර්වේ රජය සූදානම් බව මෙරට නෝර්වේ තානාපති තෝර්බ්ජෝන් ගවුස්ටඞ්සීතර් මහතා පවසයි.
කුඩා රටක් වන නොර්වේ රාජ්‍යයට ඉන්දියාව, චීනය මෙන් විශාල ආයෝජන කළ නොහැකි වුවත් වරාය සම්බන්ධ දැනුම, අත්දැකීම් හා දියුණු තාක්‍ෂණික ක‍්‍රමවේද ආදී ක්ෂේත‍්‍ර ආශ‍්‍රිත ආයෝජනයන් කළ හැකි බව ද තානාපතිවරයා කියයි.
භූගෝලීය වශයෙන් ඉතා වැදගත් ස්ථානයක පිහිටා ඇති රටක් වන ශ්‍රී ලංකාවට නාවික කේන්ද්‍රස්ථානයක් ලෙස දියුණුවීමේ හැකියාවක් ඇති බව ද ඒ මහතා පවසයි.තානාපතිවරයා මේ බව පැවසුවේ වරාය සහ නාවික අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

