ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙලි මියුසික් වීඩියෝව


2016-09-13-ent-195

 

"මෙතුවක් දුර ගෙවලා

මෙතකින් අපි දෙදෙනා

සමුගන්න නොවේ මම පෙම් කෙරුවේ"

 

ලංකාවේ ප්‍රථම ටෙලි වීඩියෝව ලෙස පසුගියදා එළිදැක්වූ රොශාන්ගේ ගීතයක් හැඳින්විය හැකිය. SMG Creation සමග Ela Idea ඉදිරිපත් කිරීමක් ලෙස පසුගියදා එළිදැක්වූ රොෂාන් ප්‍රනාන්දු ගයන "මෙතුවක් දුර ගෙවලා" යන ගීතයත් සමග මෙම වීඩියෝව එළිදැක්වුණි.

මෙම වීඩියෝව විනාඩි 08යි, තත්පර 07ක කාලයක් පුරා දිව යයි. මේ වනවිට ලංකාවේ මෙපමණ කාලයක් පුරා දිවයන සහ ටෙලි කතාවක් ලෙස එළිදැක්වූ ප්‍රථම වීඩියෝවද මෙය වෙයි. එසේම ලංකාවේ මියුසික් වීඩියෝ තුළ වෙනස් සංකල්පයක් ගෙනඒමට මෙය මහත් වූ ප්‍රයත්නයක් දරා ඇත. "මෙතුවක් දුර ගෙවලා" හි පද රචනය සජිත් වී චතුරංග විසින් සිදුකර ඇති අතර, සංගීත සපයා ඇත්තේ රදීශ් වැන්දබෝනා විසිනි.

එළිදැක්වූ දිනය - 2016 සැප්තැබර් 02

ගායනය - රොශාන් ප්‍රනාන්දු

පදරචනය - සජිත් වී චතුරංග

සංගීතය - රදීශ් වැන්දබෝනා

 

2016-09-13-ent-197
2016-09-13-ent-196