ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම පුවත්පත ‘ලංකාදීප’


(යොහාන් භාසුර)

‘ලන්ඩන් ව්‍යාපාරික උපදේශන ආයතනය’ සංවිධානය කළ ලෝක ව්‍යාපාරික විශිෂ්ඨතා සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම පුවත්පත ලෙස ‘ලංකාදීප’ පුවත්පතට සම්මාන හිමිවිය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (10) පැවැත්විණි.

ප්‍රවීණ ගත්කතුවරයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයකු වන මොහාන් රාජ් මඩවල මහතා එම සම්මානය ‘ලංකාදීප’ පුවත්පතේ සම ප්‍රවෘත්ති කර්තෘ මනෝප්‍රිය ගුණසේකර මහතාට පිරිනැමීය.

විජය පුවත්පත් සමාගමේ දැන්වීම් ප්‍රධානී ඉන්දික ජයමහ මහතා සහ එංගලනත්යේ එල්බීසී ආයතන සමූහය සහ Codezela Technology uk ආයතනය නියෝජනය කරමින් සහභාගි වූ මරී වතීර් මහත්මිය මෙම අවස්ථාවට සහභාගි වූහ.

(ඡායාරූපය: ජයමාල් චන්ද්‍රසිරි)