(මොහොමඩ් ආසික්)
ශ්‍රී ලංකාවේ ගෘහ සේවකයින් සේවක පිරිසක් ලෙස රජය පිළි නොගැනීම නිසා මෙන්ම ඔවුන්ගේ රැකියාවේ සුරක්ෂිත භාවය සදහා කිසිදු නීතියක් නොමැති වීම නිසා දේශීය ගෘහ සේවකයින් අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇතැයි ගෘහස්ථ කම්කරු සංගමය ප්‍රකාශ කරයි.
ගෘහ සේවකයින්ට අවම වැටුපක් නැති බවත් නිසි සේවා වේලාවක් නැති බවත් එම සංගමයේ සභාපතිනි රාජගෝපාල් සත්‍යවානී මහත්මිය පවසයි.
“රජය නිකුත් කර ඇති අවම කම්කරු වැටුප් පනතේ තියෙනවා ගෘහ සේවකයින් මෙම පනතට අදාළ නොවන බව. ඒකෙන්ම පේනවා. ගෘහ සේවකයින්ට මේ රජය සලකන්නේ නැති බවට‘‘
‘‘අපි රජයෙන් ඉල්ලන්නේ මේ සම්බන්ධයෙන් නීතියක් සකස් කරන්න කියලයි. එහි ඔවුන්ගේ අවම වැටුප , උපරිම සේවා කාලය මෙන්ම අනෙකුත් සුබ සාධන කටයුතු ගැන සහතික කරන්න. ඔවුන් විවිධ සූරාකෑම්වලට ලක්වෙනවා. ඔවුන්ගේ රැකියාව සුරක්ෂිත කරන්න “යැයි ඒ මහත්මිය ප්‍රකාශ කරයි.
ගෘහස්ත කම්කරු සංගමය මහනුවර දී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඇය මේ බව කීවාය.

